IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටස් මිල දී ගැනීමේ උනන්දුව පහළට

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඇමරිකා එක්සත් ජනපදය පනවන ලද සියයට තිහක සංශෝධිත තීරු බදු අනුපාතය තවදුරටත් අඩුකරගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වෙළෙඳ නියෝජිතවරයා සමග දුරස්ථ කතාබහක නිරතවීමෙන් දින තුනකට පසු මාලදිවයිනේ නිල සංචාරයක නිරතය. ද්වීපාර්ශවික සාකච්ඡාවලට පසු ගිවිසුම් කිහිපයක් අත්සන් කරන අතර ව්‍යාපාරික සමුළුවකට ද සහභාගීවීමට නියමිතය. 

ආන්දෝලනාත්මක ඇමරිකානු බදු සම්බන්ධයෙන් සලකන පසු මාලදිවයිනට පනවන ලද ප්‍රතිශතය සියයට දහයක පමණ අඩු එකක් වන අතර මාලදිවයින ඇමරිකාවෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා අවම බදු අනුපාතයක් අය කරමින් සිටී. ජාත්‍යන්තර කටයුතු සම්බන්ධව රජය අනුගමනය කරන පිළිවෙළ කෙරෙහි ආයෝජන අංශ විශ්වාසයකින් යුතුව නිරීක්ෂණය කරන බව දැක්වේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තවත් වටයකින් වර්ධනය සඳහා බලපෑමක් බව සඳහන් කළ හැකිය. 

ඊයේ (ජූලි 28) ගනුදනුවල දී සුපුරුදු අංශ වෙනුවට ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ සමාගම්වල කොටස් සඳහා ඉල්ලුම දියුණුවිය. සන්නිවේදන, බැංකු, පාරිභෝගික සේවා සහ බලශක්ති යන අංශවල කොටස් සඳහා ද ඉල්ලුමක් තිබුණි. රක්ෂණ, මෘදුකාංග සේවා, හා පාරිභෝගික අංශවල ඉල්ලුම පහත වැටිණ, මෙතෙක් ඉහළ ඉල්ලුමක් තිබුණ කොටස්වල මිල ගණන් සලකා ඒවායේ ඉල්ුම සියුම් ලෙස සීමාවූ බවක් ගනුදෙනුවල දී පෙන්නුම් කර තිබේ.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,517.86 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 50.15 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,774.51 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 19.47 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 6.16 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 36,597 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 162.3 ක් විය. සමාගම් 142 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 109 කි. ඒ.සී.එල්. ප්ලාස්ටික් සමාගමේ කොටසකට රු විසි පහ බැගින් ලාභාංශ ප්‍රකාශයට පත් කොට ඇත.

නිරීක්ෂක

 



අදහස් (0)

කොටස් මිල දී ගැනීමේ උනන්දුව පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site