IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


කොටස් මිලට ඉල්ලුමක් ඇති විය හැකි පසුබිමක්

අද දිනයේ තෝරාගත් කොටස් සඳහා ඉල්ලුමක් ඇති විය හැකිය. පසුගිය සතියේ දර්ශක පහත වැටුණු අතර එය ආවරණයවීමට බොහෝ දුරට ඉඩ තිබේ. සියලු කොටස් මිල ඉකුත් ගනුදෙනු දිනහතර තුළ සියයට 0.4 කින් හා එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය සියයට 1.2 කින් පහත වැටීමක් වාර්තා කළේය. දෛනික පිරිවැටුම සාමාන්‍ය රුපියල් බිලියන 3.89 ක් වූ අතර එය පසුගිය මාසයේ සාමාන්‍ය පිරිවැටුම රු. බිලියන 6.8 ට වඩා අඩුවීමකි. වෙළෙඳපොළ උණුසුම තරමක් අඩුවීම මෙම ස්වභාවය සඳහා බලපා තිබේ. මේ අතර විදේශ මිල දී ගැනීම් සඳහා උනන්දුවක් ඇති වෙමින් පවතින බව ඉකුත් සතියේ අවසන් ගනුදෙනු දිනයේ ශුද්ධ මිලදී ගැනීම් රු. මිලියන 27 ක් වශයෙන් සනිටුහන් කිරීමෙන් නිරීක්ෂණය කළ හැකිය. 

සියළු කොටස් මිල දර්ශකය (අගෝ. 07) ඒකක 19,826.57 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 21.77 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,825.39 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 2.46 ක සුළු පහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 3.26 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 29,759 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 115.08 ක් විය. සමාගම් 139 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 105 කි. 

දිනයේ ආරම්භයේ දී වර්ධනයක තිබුණ වෙළෙඳපොළ පසුව වඩා ඉල්ලුමක් රහිත   සාමාන්‍ය උච්ඡාවචනයක පැවැති අතර ඉසුරුමත් සමාගම්වල කොටස් ඉල්ලුම අඩු වී ඇත. සමාගම් ගණනාවක කොටස් මිල පසුගිය කාලයේ ඉහළගිය අතර උපරිම අගයකට පැමිණ තිබේ. 

ජෝන් කීල්ස් රු. මිලියන 179 ක්, ප්‍රයිම් ලෑන්ඞ් රෙසිඩන්ට් රු. මිලියන 134 ක්, ගෝල් ෆේස් කැපිටල් රු. මිලියන 116 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 111 ක්, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 102 ක්, ෂෝ වොලස් රු. මිලියන 98 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

නිරීක්ෂක

 



අදහස් (0)

කොටස් මිලට ඉල්ලුමක් ඇති විය හැකි පසුබිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16954 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site