IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කටාර් රැකියා වෙළඳපළේ වටිනා අවස්ථා රැසක්

කටාරයේ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා රැසක් උදාවී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කටාර් හි පැවැති කටාර් - ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව අමතමිනි.

 මෙම කටාර් - ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව  සඳහා  ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,කටාර්හි  වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙයික් කලීෆා බින් ජසීම් බින්  අල් තානි සහ (Sheikh Khalifa Bin Jassim Al – Thani ) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු ව්‍යාපාරිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවතුණි.

මෙහිදී රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා  කටාර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර දිර්ඝ කාලයක සිට පැවති ව්‍යාපාරික සබඳතා පසුගිය දෙවසර තුළ වඩාත් තර කර ගැනීමට අවස්ථාව ලැබුණ බවත්, ඒ අනුව දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාමේ ඉහළ වර්ධනයක් ඇති බවත් පැවැසීය.

නව රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධන ක්‍රියාවලියකට ප්‍රවේශ වී ඇති බැවින් කටාර් වැනි මිත්‍රශීලී වෙළඳපොලවල් සමඟ ඇතිකර ගන්නා ඒකාබද්ධ ආර්ථික සම්බන්ධතා ඉතා වැදගත් බව බදියුදීන් මහතා පැවසීය. මේ ආකාරයට කලාපීය සහ ගෝලීය වශයෙන් වෙළෙඳ සම්බන්ධතා ඇති කරගනිමින් ලංකා අපනයන ආර්ථිකයේ තරගකාරීත්වයක් ඇති කිරීම අරමුණ බවද  ඇමතිවරයා තවදුරටත් පැවසීය.

මෙම ව්‍යාපාරික සමුළුව දෙරටේම ව්‍යවාසායකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට තම ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගාගැනීමට ලැබුණු අවස්ථාවක් බවත් අධ්‍යාපනික, තාක්ෂණික ක්‍ෂේත්‍රයන්ගෙන් සහ යටිතල පහසුකම් වලින් ස්ථාවර තත්ත්වයක පවතින කටාර් රාජ්‍ය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම ඉතා වැදගත් බව පැවසූ ඇමතිවරයා ලංකාවට පැමිණ පවතින ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස කටාර් වෙළඳ ප්‍රජාවට ඇරයුම් කළේය. කටාර් රාජ්‍යයේ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය හසුකම් ලබාදීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

 ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව 2016 දී ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යයට කළ අපනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 14.5ක් වන අතර කෙසෙල් , තේ, පොල් කිරි, බිස්කට්, ඇඟලුම් සහ එළවලු  ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍යට අපනයනය කර ඇත. කටාර් රාජ්‍යයේ සිට ප්ලාස්ටික්, ඇලුමිනියම් නිෂ්පාදන, කඩදාසි, යකඩ, වානේ කාබනික රසායනික ද්‍රව්‍ය   ආනයනය කර ඇති අතර  2016 වසරේදී මෙම ආනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 30 කි.

මෙම ව්‍යාපාරික සම්බන්ධතාවය ව්‍යාපාරිකයන්ට පමණක් නොව රැකියා අපේෂිතයන්ටද වාසිදායක වන බවත් කටාර් ශ්‍රමික වෙළඳපළ තුළ ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා හිමිකර දීමට තමා කටයුතු කරන බව එතුමා වැඩිදුරටත් පැවසීය.  

- 200



අදහස් (6)

කටාර් රැකියා වෙළඳපළේ වටිනා අවස්ථා රැසක්

බද්රානි Monday, 30 October 2017 02:06 PM

රටේ ජනතාවගේ ශ්‍රමය පිටරටට විකුණන්න නම්, ඉතින් අපේ පාලකයෝ හරිම දක්ෂයෝනේ ...අනික ඉතින් අපේ කාන්තාවන්ට මැදපෙරදිග හොඳ ඉල්ලුමක් තියනවා කියලා අපේ දේසෙට ප්‍රේමී නායකයෝ හොඳින්ම දන්නවා ඇතිනේ.

:       120       861

justinTuesday, 31 October 2017 04:31 AM

බද්රානි, ශ්‍රමය කියන්නෙත් සම්පතක්. එය විකිණීමේ ඇති ප්‍රශ්නය මොකක්ද? එය රැකියා ප්‍රශ්නයට විසඳුමක් වගේම විදේශ විනිමය උල්පතක්. රටට පිටින් මුදල ගලා එනවා. පිටරට ඉඳන් මුදල් සොයා කීදෙනෙක් තම දරුවන්ට හොඳින් කාල බීල උගනවනවද? රටට තියන බර ටිකක් අඩුවෙනවනේ.

:       661       285

GihanThursday, 02 November 2017 07:37 AM

රැකියා ප්‍රශ්නයට විසදුම කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස රට පැටවීම නෙමේ. එකට කියන්නේ වහල් වෙළදාම කියල. වෙන්න ඕනේ කාන්තාවන් වෙනුවට පිරිමි උගත් ශ්‍රමිකයන් එම රටවල් වලට යවන එක. කාන්තාවන් යවනවා නම් ගෘහ සේවය වෙනුවට උගත් ශ්‍රමිකයන් ලෙස යවන්න ඕනේ. එතකොට කාන්තාවන්ට විදින්න වෙන ගැහැට අඩු වෙනවා. අද කාන්තාවන් අරාබිකරයේ අපා දුක් විදින්නේ මේ ජස්ටින් සීයා වගේ නුගත් මිනිසුන්ගේ තීරණ නිසා.

:       4       305

joyelSunday, 05 November 2017 03:10 PM

ලංකාවේ සමහරු හිතන් ඉන්නේ මැද පෙරදිග සේවයට යන්නේ කාන්තාවෝ විතරයි කියල !! ශ්‍රී ලංකික ඉංජිනේරුවන් , කාර්මික ශිල්පීන් ආදී දහස් ගානක් එහි සේවය කරන විත්තිය දන්නේ නැහැ !! සවුදියේ අලමරායි ආයතනයේ විතරක් ශ්‍රී ලාංකික කෘෂිකාර්මික ශිල්පීන් දහස් ගානක් සේවය කරනවා !!

:       0       0

bamunu Tuesday, 31 October 2017 12:05 AM

කටාර් මිනිසුන්ව දකින්නත් ආසයි. මගේ දෙවැනි මවුබිම කියා සිතනවා. කරාර් රජයේ සේවකයෙකු හැටියට අවුරුදු 12 සිටිය. රටේ නීති රාමුව තුල ජීවත් වෙනවානම් මෙන්න තවත් රටක් ජීවත් වෙන්න. නිදා ගන්න විට ලංකාව පැත්තට ඔලුව දැම්මේ නැත. කොහොම උනත් අරය ගිහිල්ලා තිබෙන්නේ එළිකරන්න කැලෑවක් හෙම තිබෙනවාද කියා බලන්න වෙන්න ඇති.

:       86       94

vipula Tuesday, 31 October 2017 07:06 AM

අපේ ඇමතිතුමා ඉන්නවා නේද ? එත් මම බැලුව මොකද TV එකේ දැක්කෙත් නැතිනිසා ,මෙහෙ නිවාස වැඩවලට හිරවෙලවත් කියලා.

:       42       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 421 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site