
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, එදිනෙදා ජීවිතයේදී අපට හමුවන සැබෑ මානව හිතවාදී ත්‍රිරෝද රථ රියැදුරන් ඇගයීම වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතය හා බද්ධවූ වටිනාකම් ඉස්මතු කරමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් නිර්මාණය කර ඇත. ත්‍රිරෝද රථ රියැදුරන් බල ගැන්වීම වෙනුවෙන් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම හඳුන්වා දෙන ලීසිං පහසුකම් ඇතුළු සේවා පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන් සමාජය වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී කාර්යභාරය සහ ජීවන අරගලයේදී ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සමාජය දැනුවත් කිරීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන්ම සැකසූ ‘ඔරියන්ට් ටුක් ටුක් ලීසිං‘ පහසුකම හඳුන්වා දීමට ඔරින්ට් ෆිනෑන්ස් සමාගම කටයුතු කළ අතර, එහිදී ලබාදෙන නම්‍යශීලී ආපසු ගෙවීමේ පහසුකම් නිසා එදිනෙදා වියදම්වලට බලපෑමක් නොවන අයුරින් ලීසිං වාරිකය ගෙවීමේ හැකියාව ලැබීම විශේෂත්වයකි. ඊට අමතරව, සරල හා ඉක්මන් අනුමත කිරීමේ ක්‍රියාවලිය නිසා ඉතා ඉක්මනින් ලීසිං පහසුකම ලබා ගැනීමේ හැකියාවද ‘ඔරියන්ට් ටුක් ටුක් ලීසිං‘ සේවාවේ දක්නට ලැබෙන විශේෂත්වයකි.
මෙම ලීසිං සැලැස්මට ජීවිත රක්ෂණාවරණයක්ද ඇතුළත් වන අතර, අකල් මරණයකදී රථයේ හිමිකරුගේ පවුල වෙත රු. 500,000ක මුදලක් ලබා දෙයි. වර්තමානය වන විට මෙම ප්‍රතිලාභය පවුල් දහයකට වැඩි සංඛ්‍යාවකට ලබාදීමෙන් එම වැඩ පිළිවෙළේ සාර්ථකත්වයට උදාහරණ සපයයි. ෂරියා-අනුකූල මූල්‍ය විසඳුම් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් වෙත ‘ඔරියන්ට් ෆිනෑන්ස් ඉජාරා ටුක් ලීසිං‘ සේවාව හඳුන්වාදී ඇති අතර, සිය ගනුදෙනුකරුවන්ගේ විවිධත්වයෙන් යුත් අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ කැපවීම එමඟින් පිළිබිඹු වේ.
මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම්. ජබීර් මහතා මෙසේ පැවසුවේය. “ත්‍රිරෝද රථ රියැදුරන් දේශීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ කොඳු නාරටිය විදියට හඳුන්වා දීමට පුළුවන්.
දැඩි අභියෝගාත්මක තත්වවලදී පවා ඔවුන් අඛණ්ඩව සිදු කරන ජාතික මෙහෙවර ඇගයීමට ඔරියන්ට් ෆිනෑන්ස් අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. එම නිසාම
සාම්ප්‍රදායික මූල්‍ය සේවාවලින් ඔබ්බට යමින්, ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන සේවා හඳුන්වා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.”
2025 දෙසැම්බර් මස 18
549
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔරියන්ට් ෆිනෑන්ස් ‘ඔරියන්ට් ටුක් ටුක් ලීසිං‘ පහසුකම හඳුන්වා දෙයි