IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඔමෙගා ලයින් ජනාධිපති අපනයන සම්මානයකින් පිදුම් ලබයි

ඔමෙගා ලයින් සමූහයේ ප්‍රධාන මානව සම්පත් නිලධාර (මෙහෙයුම්) සම්පත් වීරකෝන් සම්මානය ලබාගනිමින් 


යුරෝපා වෙළෙඳපොළට ඇගලු‍ම් නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛතම ශ්‍රී ලාංකික සමාගම වන සීමාසහිත ඔමෙගා ලයින් සමාගම  (Omega Line Ltd.)  2023/24 වසර සඳහා වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී විශාල පරිමාණයේ ඇගලු‍ම් කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් දිනා ගත්තේය. 
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී පිරිනමනු ලබන ජනාධිපති සම්මාන මගින් අපනයන ක්ෂේත්‍රයට සහ රටේ ආර්ථික සංවර්ධනයට දක්වන විශිෂ්ට දායකත්වය පිළිගැනීමට ලක් වේ. සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන මෙම විශිෂ්ට අපනයන සම්මානය ලැබීම අපට ඉතා ගෞරවයක්. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් හා ධරණීය හා සදාචාරත්මක ඇගලු‍ම් නිෂ්පාදකයකු ලෙසින් මෙරටෙහි නාමය ලෝක වෙළෙඳපොළේ ඉහළ නංවා ගැනීම සඳහා දායකත්වය දැක්වීමට හැකිවීම අපගේ සතුටට හේතු වෙනවා. නවීන පහසුකම්වලින් යුත් අපගේ කම්හල් ජාලයේ 15,000කට අධික පිරිසක් සේවයෙහි යෙදී සිටින අතර, යුරෝපා කලාපයට ඇගලු‍ම් අපනයන කරන ප්‍රමුඛතමයා බවට පත් කිරීමට ඔවුන් කරන කැපකිරීම මෙම සම්මානය මගින් ගරු කිරීමට ලක් වෙනවා යැයි ඔමෙගා ලයින් හි අධ්‍යක්ෂ හා ප්‍රධාන මූල්‍ය නිලධාරී සුදම් කිරිඇල්ල පැවසීය.
අපගේ 25 වැනි සංවත්සරය සමරන මේ වසරේදී ඔමෙගා ලයින් විසින් තවත් කම්හලක් විවෘත කරමින් Benji Ltd.  හි ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඔමෙගා ලයින් සමාගම 1999 වසරේදී තම ආරම්භය සනිටුහන් කරනු ලැබූයේ වයඹ පළාතේ තම පළමු ඇඟලු‍ම් කම්හල විවෘත කිරීමෙනි. සඳලංකාවේ පිහිටි එම ඇගලු‍ම් කම්හලෙහි මේ වන විට සේවක සේවිකාවන් 4,500කට වැඩි පිරිසක් සේවයෙහි යෙදී සිටී. වවුනියාවේ පිහිටි සේවක සේවිකාවන් 2900 කගෙන් සමන්විත ඇඟලු‍ම් කම්හල සමස්ත උතුරු පළාතෙහි විශාලතම ආයෝජනයයි. ඉතාලියේ වෙරෝනා හි පිහිටි Oniverse පෙර Calzedonia යනුවෙන් හැඳින්වූ ව්‍යාපාර සමූහයෙහි පූර්ණ ආයෝජනයක් ලෙසින් සහ එහි සභාපති Dott. Sandro Veronezi  ගේ අදහසක් අනුව ඔමෙගා ලයින් සමාගම බිහි විය.



අදහස් (0)

ඔමෙගා ලයින් ජනාධිපති අපනයන සම්මානයකින් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site