IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ඔක්තෝබරයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවත් ඉහළට

  • නිෂ්පාදන අංශයෙහි  ගැනුම් කළමනාකරුවන්ගේ  දර්ශකය 61.0 ක අගයට 
  • උත්සවය සමය වෙනුවෙන්  ආහාර හා පාන නිෂ්පාදන  අංශය වෙත  නිෂ්පාදන  ඇණවුම් ලැබීම මීට හේතුවයි  
භානුක අමරසිංහ 
මේ වසරේ ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 61.0 ක අගයක් වාර්තා කර තිබේ.  
 
මෙය සැප්තැම්බරයේදී වාර්තා කළ 55.4 ක අගයට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමකි. මෙම ඉහළ යාම පුළුල් පදනමක් මත සිදු වූ බවත්, සියලු‍ම උප දර්ශක මෙම ප්‍රසාරණය සඳහා ධනාත්මක ලෙස දායක වී ඇති බවත් මහ බැංකුව පවසයි.
 
 ‘මෙහිදී මූලිකවම ඉදිරි උත්සව සමය වෙනුවෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශය වෙත නිෂ්පාදන ඇණවුම් ලැබීම හේතුවෙන් නව ඇණවුම් දර්ශකය සැප්තැම්බරයේ පැවැති 59.0 සිට ඔක්තෝබරයේදී 64.0ක් දක්වා ඉහළ යාම සිදුව තිබේ. එසේම උත්සව සමය ඉලක්ක කරගත් නිෂ්පාදන කටයුතු හේතුවෙන් නිෂ්පාදන උප දර්ශකයත් 55.5 සිට 62.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.’ මහ බැංකුව පවසයි. 
 
එසේම ඇණවුම් සහ නිෂ්පාදන කටයුතු ඉහළ යෑමත් සමගින්ම සේවා නියුක්ති උප දර්ශකය සැප්තැම්බරයේ පැවැති 46.0 සිට ඔක්තෝබරයේදී 56.0ක් දක්වාත්, තොග මිලදී ගැනුම් උප දර්ශක 57.5 සිට 62.5ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. මීට අමතරව ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඔක්තෝබර් මාසයේදීද 58.0ක් ලෙස ඉහළ මට්ටමක පැවතුණි.

 



අදහස් (0)

ඔක්තෝබරයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 163 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site