IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


එවර්ග්‍රීන් නව තේ අලෙවිසලක් ගාල්ල දෙවට ප්‍රදේශයේදී විවෘත කරයි


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


ගාල්ල නගරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීමට එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය නව තේ අලෙවි සලක් ගාල්ල දෙවට ප්‍රදේශයේදී විවෘත කළේය. විදෙස් සංචාරකයන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීමට එවර්ග්‍රීන් සමාගම මෙසේ විවෘත කළේ සිව් වැනි තේ අලෙවි සලය.

ගාල්ල දෙවට ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු සිව්වැනි තේ අලෙවි සල විවෘත කිරීමේ අවස්ථාවට එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති අරුණ ද සිල්වා, උප සභාපති සෙනාල් ද සිල්වා, අධ්‍යක්ෂක දුෂර ගීගනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මේ තේ අලෙවි සල විවෘත කෙරුණු අතර තේ අලෙවියට අමතරව මේ ස්ථානයට පැමිණෙන සංචාරකයන්ට තමන් කැමැති තේ වර්ගයක් ඒ අවස්ථාවේදීම නිදහසේ පානය කිරීමට ද අවස්ථාව සලසා තිබීම විශේෂයෙන් කැපීපෙනේ.    




අදහස් (0)

එවර්ග්‍රීන් නව තේ අලෙවිසලක් ගාල්ල දෙවට ප්‍රදේශයේදී විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 16 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site