හසිත රංග ගුණතිලක
ඇල්බට් එදිරිසිංහ ඇස් කණ්ණාඩි සමුහ ව්‍යාපාරයට වසර 70 ක් පිරිම නිමිත්තෙන් කොල්ලුපිටියේ ඇල්බට් එදිරිසිංහ ශාඛාව නවීකරණය කිරිමෙන් පසු ඇල්බට් එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ සභාපතිනි මංගලා සමරකෝන් මහත්මිය විසින් විවෘත කරන ලදි.
ඇල්බට් එදිරිසිංහ මහතා විසින් 1949 පෙබරවාරි 4 වැනි දා කොල්ලුපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන්නට යෙදුණු මෙම ඇස් කණ්ණාඩි ව්‍යාපාරයේ ශාඛා ගාල්ල, කළුතර, පානදුර,මොරටුව,නුගේගොඩ,බොරැල්ල, කොළඹ කොටුව, බම්බලපිටිය යනාදි ප්‍රධාන නගර 10 ක ව්‍යාප්තව පවතී.
ඇල්බට් එදිරිසිංහ මහතා 1999 වසරේ පෙබරවාරි 4 වැනි දා බද්දේගම භික්ෂු විවේකාරාමයේ දී ගනේගම දේවමිත්ත නමින් පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.
එතැන් සිට එදිරිසිංහ මහතාගේ දියණිය වන සමරකෝන් මහත්මිය සහ මුණුපුරා වන සවින්ද සමරකෝන් මහතා විසින් ව්‍යාපාරය දියුණු කරමින් ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.
ඡායාරූප - ගයාන් අමරසේකර





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.