භානුක අමරසිංහ
හැටන් නැෂනල් බැංකුවට අයත් HNB ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ලසිත නිරෝෂන් විමලරත්න මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 10 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කරගෙන තිබේ.
විමලරත්න මහතා සතුව වසර 24 කට අධික කාලයක් පුරා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත බවත්, බහුජාතික රක්ෂණ සමාගම් තුළ වසර හතක අත්දැකීම්ද ඊට ඇතුළත් බවත් පවසයි. HNB ඇෂුවරන්ස් සමාගම වෙත සම්බන්ධවිමට පෙරාතුව ඒ මහතා සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි ජීවිත රක්ෂණ මෙහෙයුම් සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතා HNB ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීමට පෙරාතුව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ. ලසිත විමලරත්න මහතා අද වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) සභාපතිවරයාද වෙයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එච්එන්බී ඇෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී ලසිත