මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්වල රබර් වැවීමට යයි.
එක් දිස්ත්‍රික්කයක හෙක්ටයාර තුන්සීයක් වගා කරන අතර හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක ආධාරයක් ලබා දෙන බව වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා කියයි.
මෙහි මූලික සාකච්ඡාවක් මුලතිව් දිසාපති කාර්යාලයයේදී අද පැවැත්විණි.
වගාකරුවෝ පනස් දෙනෙක් ද ඊට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් හොද වැඩක්. උතුරේ යුද්දේ ඉවර උනාට පස්සේ මේ වගේ දෙයක් කරන එක අගය කරන්න ඕනේ. ඒ වගේ පැතී වල මිනිස්සුන්ව දිරිමත් කරන්න කරන්න මේක හොද අදහසක්. අනිත් ආණ්ඩු වල කලේ උතුරේ මායිම් බෙදල දුන්න එක කොටින්ට. ඒත් ජනාදිපතිතුමා කරන්නේ ඒවා නිදහස් කරලා මිනිස්සුන්ට අදායමක් උපය ගන්න අවස්ථාවක් දුන්න එක.(නදී)
අපිටත් ඉඩමුයි හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක ආධාරයක්කුයි දෙන්න අපිත් වවලා පෙන්නන්නම්.(ස)
රබර් පිටරට පටවලා ලැබෙන ආදායමක් නැහැ. ඉස්සර වගේ ටයර් හදන කම්හලක් දැම්මා නම් කොච්චර හොඳද? අමුද්‍රව්‍ය පිටරට පටෝලා දියුණුවෙච්ච එක රටක්වත් ලෝකෙ නැහැ. (නි)
උතුරේ රබර් වවනවට වඩා වැවෙන වෙන භෝග තිබෙනවා ඒවා දිරිමත් කරන්න. දඹුලේ ටොන් ගණන් එළවලු ඉවත දමනවා වෙළඳ මාෆියා නිසා. මෙයට විසදුමක් දෙන්න මේක ජාතික ප්‍රශ්නයක්.(නදී)
පුෂ්පෙ, ටයර් හදන කම්හලක් දාලා අපිට ණය දෙන රට තරහා කර ගන්නද කියන්නේ? (නි)
මම දන්න විධියට නම් ලංකාවේ පළාත් කිහිපයක් තියෙනවා රබර් වගාකරන්න බැරි. උතුරු නැගනහිර පළාත් ඊට අයිතියි. මොකද්ද මේ කරන්න හදන්නේ? (නි)
අපිට තවමත් තේයි රබරුයි වලින් පිට දෙයක් හොයාගන්න බැරි උන හැටි.(නදී)
උතුරේ සහෝලා වෙගේම දකුණේ සහෝලාත් හරි දක්ෂයි වගාවට. දඹුල්ලට ඇවිත් බලන්න විකුණා ගන්න බැරුව විසිකරන ටොන් ගන්නන් එලවලු තොග. (නි)
රටේ එක පැත්තක රබර් වවල අනෙක් පැත්තේ තණකොළ වවමු. (ස)
ජය වේවා ! මේක උතුම් රට. (නි)
නියම අදහස, ඔය එක්කම තේ ටිකකුත් වැව්වනම්. (අ)
මහත්වරුනි, ඔබතුමාලට තරම් අපට දැනුම නොමැති බව මුලින්ම කියන්නම්. නමුත් ඔය දෙය සඳහා රටේ සල්ලි වෙන්කිරීමට පෙර රබර් ඇට ගෝනියක් වත්තකින් ගෙනිහින් ඔය දිස්ත්‍රික්ක දෙකේ දිස්ත්‍රික් ලේකම් මහතාගේ කාර්යාල ඉඩමේ , විස්ස තිහ හිටවලා එතුමාට කියමු වසරකින් පස්සේ පැල වල වාර්තාව දෙන්න කියලා.මෙය සමෘද්ධි මහතුන් හරහා පහසුවෙන් කළ හැක. මොකද ඔය හරියේ හිටවන්න ගැලපෙන වෙන දේවල් තියෙනවා (නි)
පරිසරයටත් ආර්ථිකයත් දෙකටම හොදය. (ස)
මත්තල එකක්, හම්බන්තොට එකක්, නොරච්චෝලේ එකක්, හදල තව මදි, ඔව්ව යෝජනා කරන ඇත්තන්ට කන්ට රට තණකොළ වැව්වොත් නරකද ?
උතුරේ රබර් දාමු. සබරගමුවේ රබර් අදිමු. කොළඹ රබර් පුච්චමු.අපි හුල්ලමු.ලක්ස 1/1/2 රබර් ඇට නේ. අපට කොස් ඇටත් නැහැ. (නි)
ඔන්න කලින්ම කිව්වා, රබර් වවන්න කැලේ එලි කරන කොට කපන ලොකුම ගස් ටික මටයි. මම අහවලාගේ ලොකු නැන්දා.(නදී)
මේවගේ දේවල් කරල තේරුමක් නෑ ලංකාවේ පුල්මුඩේ තියන වැලි වලින් වත් හරියට ප්‍රයෝජන ගන්නේ නැතුව.(ස)
හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක ආධාරයක් දෙනවා නම් මේ පෝලිමේ මුලින්ම ඉන්නේ කවුද කියලා හිතාගත හැකියි (නි)
ලබන සැරේ චන්දෙට උදවු ගන්න පනස් දෙනෙක් හොයා ගත්තා.(ස)
අනේ මන්ද අපේ රටේ දේශපාලකයන්ට තියෙන්නේ කඳ විතරද කියලා.(නදී)
උතුරේ ඉඩම් වගාවන් සදහා යොදාගැනීම ඉතා හොදයි. නමුත් කාලයට ඔබින වැඩි පලදායිතාවක් තියන දේවල් තමයි කරන්න ඕනෑ. වැදගත් වෙන්නේ කාලය ශ්‍රමය අවසානයේ කොතරම් ලාබයක් ලැබෙනවද කියන එකයි. (නි)
කෑගලු දිස්ත්‍රික්කයේ දැනට අක්කරයකට ගෙවන්නේ රුපියල් 75000/= ක මුදලකි.උතුරට ගෙවන මෙම ලක්ෂ 1, 1/2 ,කිරි වැඩියෙන් රබර් කිරි සපයන සබරගමුවටත් ක්‍රියාත්මක කරන ලෙස ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු. (නි)
උතුරේ සහෝලා හරි දක්ෂයි වගාවට.මතකද රතු ලුණු,මිදී හා මිරිස්. (නි)
පුරුවේ පින් කරපු පනස් දෙනෙක්.(ස)
ගාමිණී සිරි, හෙක්ටයාරය කියන්නේ අක්කර 2.47ට. අක්කරයකට රුපියල් 75000 ගෙවනවා නම් ඒක වාසි නැද්ද? (නි)
නිටුන්, ඔබ හරි. ඉතින් මිරිස් ලුණු මදි (නි)