උතුරු පළාත් අමාත්‍ය සී.වී විගනේස්වරන් සංවර්ධන ව්‍යාපෘතීන් වැනි කරුණු වලදී රජය හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නැතැයි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මහ ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය නිසා අවසානයේ දුක්විදීමට සිදුවන්නේ උතුරු පළාතේ ජනතාවට බවයි.
කොළඹ නගර සභාවේ පාලනය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වුවද ඔවුන් නාගරික සංවර්ධන අමාත්‍යංශය හා ඉතා සහයෝගයෙන් කටයුතු කරන බවත් එනිසාම කොළඹ නගරය ආසියාවේ අලංකාරම නගරයක් බවට දැන් පරිවර්තනය වෙමින් තිඛෙන බවත් ආරක්ෂක ලේකම් වරයා කියයි
විරුද්ධ පාක්ෂිකයින් යැයි කියා රජය ඉදිරිපත් කරන සෑම දෙයකටම විරුද්ධ නොවී රජය හා සහයෝගයෙන් පොදුජන හිතසුව වෙනුවෙන් වැඩකළ යුතුව ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
COMMENTS
ඔවුන්ගේ අපේක්ෂාව උතුරේ සංවර්ධනය අඩපණකර රජය ලෝකය ඉදිරියේ අපහසුතාවයට පත්කිරීමයි. අනික රජය උතුරට වැඩක් කරන්නේ නැති බව දෙමළ ජනතාවට පෙන්වීමයි.මේ ක්‍රමයට ඊළාම් ලබා ගන්න පුලුවන්ද? ඔබලා පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? මොකක්ද සිංහලය එක්ක තිබෙන මෙතරම් වෛරය.? ඇයි විනාශයම ප්‍රාර්ථනා කරන්නේ. ඔබලා කවදාවත් සතුටින් ජීවත්වෙන්නේ නැ.ඔබලාට කවදාවත් ඊළාම් ලැබෙන්නෙත් නැ (ස).
ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමා කරගෙන යන සංවර්ධන වැඩ දිගටම කරගෙන යන්න. විග්නේශ්වරන් නැතිවුණාට දෙමළ ජනතාව ඔබ සමඟ සහයෝගයෙන් ඉඳීවි. (නි)
විග්නේෂ්වරන් මහත්තයෝ, බොහොම අමාරුවෙන් අපි කොටින්ගෙන් රට බේරාගත්තේ. මහත්තයෝ, නිතරම දෙවියන් යදිමින් ඉන්න. මේක අපේ රට බව අමතක කරන්න එපා. (නි)
ඔය මිනිහට දෙමළ ජනතාව ගැන කැක්කුමක් නෑ .කොටි ටික නලවන්නයි මිනිහට ඕන (අ)