30 වසරක යුද්ධයෙන් බැට කෑ උතුරේ ජනතාවට සංවර්ධනයේ අරුණලු ගෙන ඒමේ අරමුණින් ඉදිකෙරුණු අච්චුවේලි කර්මාන්ත පුරය ඊයේ (27) ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.
අයදුම්කරුවන් 61 දෙනෙකු අතරින් තෝරාගෙන ඇති කර්මාන්ත 8 ක් මෙම කර්මාන්ත පුරයේ ඇති කිරීමට නියමිතය.
කර්මාන්ත පුරයේ පළමු අදියරේදී රැකියා අවස්ථා 2000 ක් පමණ ඇති කෙරෙන බව කර්මාන්ත පුරය විවෘත කිරීමේ උත්සවයට සහභාගීව සිටි සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
පළමු අදියරේදී අක්කර 25 ක භූමි ප්‍රමාණයක් සංවර්ධනය කර කර්මාන්ත කටයුතු වලට යොදා ගැනෙනු ඇතැයිද දෙවැනි අදියරේදී තවත් අක්කර 42 ක භූමි ප්‍රමාණයක් සංවර්ධනය කෙරෙණු ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.
පළමු අදියරේදී පමණක් සෘජු රැකියා වලට අමතරව වක්‍ර රැකියා 10000 ක් පමණ උපදිනු ඇතැයි ඔහු සඳහන් කළේය.
උතුරු කලාපයේ කර්මාන්තමය දියුණුවටත්, වැසියන්ගේ දිවි සරි කර ගැනීමටත්, ප්‍රදේශයේ ඇති සම්පත් වලින් උපරිම ඵල නෙලාගැනීමටත් මෙම කර්මාන්ත පුරයෙන් හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.
ඇඟලූම්, ප්ලාස්ටික් හා ලෙදර් නිශ්පාදන, තෙල් හා කෙදි ආශ්‍රීත නිශ්පාදන, ආහාර සැකසුම් මධ්‍යස්ථාන, කෘෂිකර්මය පදනම් කර්මාන්ත වැනි කර්මාන්තයන් මෙම කර්මාන්ත පුරයේ ඇති කෙරෙනු ඇත.යාපනය හා කොළඹ යා කෙරෙන උතුරු දිග දුම්රිය මාර්ගයේ වැඩකටයුතු එළැඹෙන සැප්තැම්බරයේ අවසාන වූ පසු දකුණේද හවුල ඇතිව කර්මාන්ත පුරයේ තව තවත් ව්‍යාපාරික අවස්ථා ඇතිකරගත හැකිවනු ඇත.
කර්මාන්තපුරයේ ඉදිකිරීම් සදහා ඉන්දියාව රුපියල් ලක්ෂ 2200 ක මුදලක් ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකා රජයද රුපියල් ලක්ෂ 500 ක බරපැන දරා තිබේ.ව්‍යාපෘතිය සැළසුම් කිරීමේ කටයුතු සිදුකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සම්බන්ධ සේවා වෙනුවෙන් වන කාර්යාලයයි.
කර්මාන්තපුරයේ අනාගත කළමණාකරණ කටයුතු කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරට සංවර්ධන සුවඳ
නාමලී Friday, 29 August 2014 10:01 PM
මේකේ වැඩ ජාතිවාදයට යටත්ද? මහ ජාතියට තහනම්ද ?නැත්නම් ඕනේ කෙනෙකුට වැඩ කරන්න පුලුවන්ද ? දකුණේ වගේ ? (අ)
සුධර්ම Tuesday, 02 September 2014 11:34 AM
අනේ! මෙහාට නම් තවමත් නියඟය. (නි)
සුනිල් විතානගේ Thursday, 28 August 2014 08:26 PM
සමහර අයට උණ ගැනෙන දේ තියෙනවා (අ)