කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
ඊශ්‍රායලයේ සේවය සඳහා යෑමට සූදානම් වන මෙරට ශ්‍රමිකයන්ට ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදෙන ඌරගස්මංහන්දිය, යටගල පිහිටි ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ ජාත්‍යන්තර කාර්යාංශය සිය ආයතනයෙන් පුහුණුව ලබා ඊශ්‍රායලයේ රැකියාවලට යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රමියකයන් හැත්තෑදෙනකු දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් එම ආයතන රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ කාර්යාංශයේ සභාපති හා විධායක අධයක්ෂක ජනරාල් සමන් ප්‍රියන්ත, අධ්‍යක්ෂක සිසිර ප්‍රියන්ත,කළමනාකරු නුවන්ත මෙන්ඩිස්, ප්‍රවීණ උපදේශක සුරංග වික්‍රමනායක යන මහත්වරු මේ වැඩමුළුව මෙහෙයවනු ලැබූහ.
එහිදී ඊශ්‍රායලයේ රැකියාවට ගොස් රැකියාව මෙන්ම ලංකාවේ අභිමානය රැක ගැනීමට කළ යුතු කාර්යය, ඊශ්‍රායලයේ රැකියාවට යාමෙන් ලංකාවට ලැබෙන ආර්ථික වාසි, ලැබෙන වැටුප ආරක්ෂා කර ගනිමින් ජීවිතය ගොඩ ගන්නා ආකාරය පිළිබඳව මෙහිදි ශ්‍රමිකයන් දැනුම්වත් කෙරිණ.
ඊශ්‍රායලයට යෑමේ අපේක්ෂාවෙන් සිටින පෙදරේරුවන්,වඩු කාර්මිකයන්, කම්බි නවන්නන්,පිඟන් ගඩොල් අතුරන්නන්, මස් කැපිම සහ ඇසිරීමේ යෙදෙන්නන්, මුළුතැන් ගෙයි සහායක, සහායිකාවන්, වෙල්ඩින් වැඩ කරන්නන් වැනි ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රමිකයන් සඳහා මේ දැනුම්වත් කිරීමේ වැඩමුළුව පැවැත්විණ.
මේ වැඩමුළුව සඳහා සහභාහීවූ ශ්‍රමිකයන් වැඩමුළුව අවසානයේදී සමන් ප්‍රියන්ත මහතා ඇතුළු පිරිස සමග ඡායාරූපයකට මුහුණදුන් අයුරුය.
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායලයේ රැකියාවලට යන්නන්ට වැඩමුළුවක්