IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ඉලෙක්ට්‍රොනික වෛද්‍යවරයෙක් විය හැකි ‘ඇපල්’ අත් ඔරලෝසුව

(නිසංකා සන්දීපනී)

ලෝක ප්‍රකට ඇපල් සමාගම විසින් සිය ඇපල් අත් ඔරලෝසු මාලාවේ තුන්වන පරම්පරාව එළිදැක්වීමත් සමගින් මෙම අත්ඔරලෝසු භාවිතා කරන්නන්ට ඉලෙක්ට්‍රොනික වෛද්‍යවරයකු ලෙස ළඟ තබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

එමගින් හෘද ක්‍රියාකාරිත්වයේ යම් අසාමාන්‍ය තත්ත්වයක් ඇති වූ විට ඒ පිළිබඳ දැනුම්දීම් නිකුත් කිරීමේ හැකියාවද හෘදය පිළිබඳ දත්ත ලබාදීමේ වැඩිදියුණු කරන ලද යෙදුම්ද මේ තුළ අන්තර්ගතය.

‍වොච් ඕඑස් මෙහෙයුම් පද්ධතියේ වැඩිදියුණු කළ සංස්කරණයකින් බලගැන්වෙන මෙම ඔරලෝසුව තුළ හෘදය ක්‍රියාකිරීමේ සීඝ්‍රතාව මනින යෙදුම ද වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇත. ඒ  ඔස්සේ විවේක ගැනීම, ප්‍රකෘතිමත් කිරීම, ඇවිදීම හා හෘද ස්පන්දනය ආදිය පිළිබඳව වැඩි තොරතුරු ප්‍රමාණයක් පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කිරීම වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සඳහා පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දීමක් වශයෙන් පෙන්වා දිය හැකිය.

මෙම තුන්වන පරම්පරාවේ අත්ඔරලෝසුව තුළ සන්නිවේදන ශක්‍යතාවන් වැඩිදියුණු කරමින් වයි-ෆයි පහසුකම හා බ්ලූටූත් තාක්ෂණයේ කාර්යක්ෂමතාව සියයට 50 කින් වැඩි කිරීමට ද ඇපල් සමාගම කටයුතු කර තිබේ.

මෙම තුන්වන පරම්පරාවේ ඇපල් අත්ඔරලෝසුව ඩොලර් 329 ක් හා ඩොලර් 399 ක් ලෙස මිල කාණ්ඩ දෙකක් යටතේ මාදිලි දෙකකින් යුතුව වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇපල් සමාගම පියවර ගෙන තිබේ. ඩුවල් කෝර් ප්‍රොසෙසරයකින් බලගැන්වෙන මෙම තුන්වන පරම්පරාවේ අත්ඔරලෝසුව පැය 18 ක බැටරි ආයු කාලයක් ද සහිතය.

එසේම  සංඥා ග්‍රහණය කළ හැකි ඇන්ටනාවක් සහ සිම්කාඩ් පතක් ඇතුළත් කිරීමට හැකි පහසුකම් ද සහිතව මෙම ඔරලෝසුව නිපදවා ඇති බැවින් ජංගම දුරකථනයක සම්බන්ධයකින් තොරව දුරකථන ඇමතුම් ලබා ගැනීමට හැකියාව ලැබීම නිසා ජංගම දුරකථන පහසුකම්ද මෙම ඔරලෝසුව තුළින් පාරිභෝගිකයින්ට ලබා දීමට ඇපල් සමාගම කටයුතු කර තිබේ.

මෙසේ ඇපල් ජංගම දුරකථනයක් අසළ නොමැතිව අත් ඔරලෝසුව මඟින් පමණක් දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම ඇපල් සමාගම සිය පාරිභෝගිකයින්ට ලබා දී ඇත්තේ පළමු වතාවට වීම මෙම තුන්වන පරම්පරාවේ අත්ඔරලෝසුව තුළ දැකිය හැකි සුවිශේෂත්වයකි.

වර්ණ කිහිපයකින් යුතුව හඳුන්වා දී ඇති නව පරම්පරාවේ ඔරලෝසුව පුළුල් පරාසයක වර්ණ ගණනාවකින් යුතුව වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව රිදී, ස්පේස් ග්‍රේ, සෙරමික් ග්‍රේ සහ රන් වර්ණයෙන් යුතුව මෙම ඔරලෝසුව මිලදී ගත හැකිය.

තව ද විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා වන පහසුකම් ද මෙම තුන්වන පරම්පරාවේ ඇපල් ඔරලෝසුව තුළ වැඩි දියුණු කර පාරිභෝගිකයින් හට ලබා දීමට ඇපල් සමාගම කටයුතු කර ඇත.

එමඟින් ස්වයංක්‍රීයව ඇපල් සංගීත එකතුව තුළින් ගීත ධාවන ලැයිස්තු යාවත්කාලීන වීම ආදිය වැඩි දියුණු කිරීමට කටයුතු කීරීම තුළ පාරිභෝගිකයාගේ සංගීත රසවින්දනයට ඉහළ දායකත්වයක් සපයා තිබේ.

මෙසේ නව ආකර්ශණීය විශේෂාංග ගණනාවකින් යුතුව හඳුන්වා දී ඇති තුන්වන පරම්පරාවේ ඇපල් අත් ඔරලෝසුව ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඇපල් නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබා සිටින ලොව පුරා පාරි‍භෝගියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වන බව නිසැකය.

(ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (0)

ඉලෙක්ට්‍රොනික වෛද්‍යවරයෙක් විය හැකි ‘ඇපල්’ අත් ඔරලෝසුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 421 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site