පසුගිය සිකුරාදා (11) ශී‍්‍ර ලංකා විදේශ කටයුතු ඇමති ජී.ඇල්.පීරිස් හා ඉන්දියා විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් අතර පැවැති හමුවේදී දෙරටේ ධීවර ගැටලූ සාකච්ඡා විය.
ශී‍්‍ර ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ මසුන් මැරීමේ යෙදෙන ධීවරයින් නිසා උතුරේ වෙසෙන ශී‍්‍රලංකා ධීවරයින්ට ප‍්‍රමාණවත් මත්ස්‍ය ඵලදාවක් නොලැබෙන බවත් තවද නීති විරොධී ක‍්‍රම භාවිතයෙන් මසුන් මැරීමේ යෙදෙන ඇතැම් ධීවරයින් නිසා ශී‍්‍රලංකාවේ මුහුදු සීමාවට සිදුවන්නේ සුළුපටු හානියක් නොවන බවත් ඇමතිවරයා ඉන්දියාවට පෙන්වා දුන්නේය.
අන්ද්‍රා ප‍්‍රදේශ් හි සිටි ශී‍්‍ර ලාංකික ධීවරයින් 41 දෙනෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා ස්තූතිය පුද කර සිටියේය.
ඉන්දියා විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් අදහස් දක්වමින් ධීවර ගැටලූවට ස්ථීරසාර විසඳුමක් ගෙන ආ යුතුව ඇතැයි පැවසුවාය.
ශී‍්‍ර ලංකා අත්අඩංගවේ සිටි ඉන්දියා ධීවරයින් නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇය තම ප‍්‍රසාදය පළ කළාය.
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිට ශී‍්‍රලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන්නැයි පෙර ශී‍්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා කර තිබූ ආරාධනය නැවත වරක් සිහි කැදවීමටද ජී.ඇල්.පීරිස් ඇමතිවරයා කටයුතු කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දු ලංකා ධිවර ප්‍රශ්නයට තිරසාර විසඳුමක් පතති
ගාමිණී - සිරි Sunday, 13 July 2014 04:40 PM
අල්ලපු රට නිසා වෙන්න ඇති ධීවර ඇමති තුමා ගිහින් නැත්තේ. (නදී)