AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, 2025 ජනවාරි මස 7 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ඉන්ද්‍රජිත් අසේල වික්‍රමසිංහ මහතා පත් වූ බව නිවේදනය කරනු ලැබ සිටියි.
වික්‍රමසිංහ මහතා 2024 අගෝස්තු මස 15වැනි දින විශ්‍රාම යන තෙක් වසර නවයක් පුරා යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කර ඇත. වසර 35කට අධික කාලයක් ජ්‍යෙෂ්ඨ නායකත්වය සහ කළමනාකරණ තනතුරු හොබවා ඇති වික්‍රමසිංහ මහතා සතුව මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ මෙන්ම පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත්‍රවල, දේශීය සහ ජාත්‍යන්තර සමාගම්වල ද කටයුතු කර ලබාගත් අත්දැකීම් සම්භාරයක් ඇත.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකි. තව ද, වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය, එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පාසල සහ INCEAD (ප්‍රංශය) යන ආයතන වෙතින් පවත්වන ලද විධායක අධ්‍යාපන වැඩසටහන් අනුගමනය කර ඇති අතර, ඔහු එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ, ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරික උපාධිධර ආදි ශිෂ්‍ය සාමාජිකයෙකි.
යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීමට පෙර වික්‍රමසිංහ මහතා NDB බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුර හොබවා ඇති අතර, එහිදී ඔහු සාමාන්‍ය බැංකුකරණය, ආයතනික බැංකුකරණය, සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සහ මූල්‍ය ව්‍යාපෘති ඇතුළු සියලුම ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා වගකීම් දරන ලදී. මූල්‍ය සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට පෙර ඔහු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන Reckitt and Colman හි විවිධ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු ද හොබවා ඇත. ඔහු ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් (ඇපකර) ආයතනයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙක් ද විය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්ද්‍රජිත් අසේල AIA අධ්‍යක්ෂ මණ්ඩලයට