ඉන්දියාවේ තීරුබදු ඉතා ඉහළ බවට පුළුල්ව පැතිරුණු වැරැදි මතයක් පවතී. රටක ජීවත් වීමට සුදුසු බව, මහජනයාගේ ආචාරශීලිත්වය හෝ විදේශිකයන් පිළිගන්නා ආකාරය වැනි කරුණු සම්බන්ධයෙන් ද එක් එක් අයට විවිධ මත තිබිය හැකි වුවත් තීරුබදු වැනි ප්‍රමාණාත්මක කරුණක් සම්බන්ධයෙන් එවන් විවිධ මත පැවැතිය නොහැකිය. එබැවින් අපි මෙම කරුණ විමසා බලමු.
පළමුව ඇමෙරිකාව වැනි ඉහළ ආදායමැති සංවර්ධිත රටක් හා සැසඳීමේදී ඉන්දියාව වැනි පහළ ආදායමැති සංවර්ධනය වන රටක තීරුබදුවල කාර්යභාරය විමසා බලමු. සාම්ප්‍රදායික වශයෙන් පහළ ආදායමැති සංවර්ධනය වන රටවල් කරුණු දෙකක් සඳහා තීරුබදු භාවිත කරයි. එයින් පළමුවැන්න වන්නේ, රටේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරගැනීමයි. ආදායමක් ලබා ගැනීම දෙවැනි කාරණය වේ. දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම යන කාරණය විශේෂයෙන්ම එම කර්මාන්තය ළදරු අවධියේ පවතින්නක් නම් සහ රටට කර්මාන්ත පදනමක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වන්නේ නම් වැදගත් කාරණයක් වන බව සියලු ආර්ථික විද්‍යාඥයන් විසින් පිළිගන්නා කරුණකි. දෙවැනි කාරණය වන ආදායමක් උපයා ගැනීම යන්න මත්පැන් හෝ සුඛෝපභෝගී යතුරුපැදි මත බදු පැනවීම යන උදාහරණය ඇසුරින් පැහැදිලි වේ.
1980 දශකයේ ඉහළ අගයක් ගත් ඉන්දියාවේ තීරුබදු 1991 වර්ෂයේ හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ සහ ලෝක වෙළෙඳ සංවිධානය (WTO) පිහිටුවීමට මුල් වූ උරුගුවේ වටයට අදාළ සාකච්ඡාවලින් අනතුරුව සැලකිය යුතු ලෙස පහත දමන ලදී. එතැන් පටන් වසරක් පාසා ඉන්දියාවේ තීරු බදු ක්‍රමානුකූලව අඩු වී ඇත.
තාක්ෂණික දෘෂ්ටි කෝණයකින් බලන විට රටකට පැනවිය හැකි තීරු බදු දෙයාකාර වේ. පළමුවැන්න ව්‍යවහාරික තීරුබදු වන අතර, නමින්ම පැහැදිලි වන පරිදි මෙය විදේශීය භාණ්ඩයක් රටට ඇතුළු වීමේදී රටේ දේශසීමාවේදී පැනවේ.
දෙවැන්න බැඳී ඇති තීරුබදු වන අතර, මෙයින් ද අදහස් වන්නේ රටක් ලෝක වෙළෙඳ සංවිධානය සමඟ එකඟ වී ඇති most-favored nation (MFN) කැපවීම්වලින් ද හටගන්නා නෛතික වගකීමකින් රටකට විදේශීය භාණ්ඩයක් මත පැනවිය හැකි උපරිම තීරු බදු වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මුලපුරන ලද තීරුබදු යුද්ධය ලෝක වෙළෙඳ සංවිධාන ගිවිසුම් යටතේ පවතින සිය කැපවීම් උල්ලංඝනය කරන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එහෙත්, ලෝක වෙළෙඳ සංවිධානය ටික කාලයකට අකර්මණ්‍යව පැවැතී ඇති සෙයකි. තීරුබදු සෑම රටකටම එකම අගයක් විය නොහැකි බව අවබෝධ කරගැනීම ද වටී. ඉහතින් සඳහන් කළ කරුණු හේතුවෙන් G7 රටවලට සාපේක්ෂව පහළ ආදායමැති සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉහළ තීරුබදු අය කරන බව සත්‍යයකි.
එසේ නම්, ඉන්දියාව සිටින්නේ කොතැනක ද? තීරුබදු සම්බන්ධයෙන් ඉන්දියාව විනිශ්චයට ලක් කරන විට, භාවිත කරන ලද පරාමිතීන් දෙකක් පවතී. එයින් පළමුවැන්න සමාන්‍ය තීරුබදු වන අතර, දෙවැන්න වෙළෙඳාමට බර තබන ලද තීරුබදු වේ. පළමු කාරණය සැලකීමේදී, ඉන්දියාවේ බදු අනුපාතය (15.98%) ඉහළ අගයක් නොවේ. එහෙත්, මෙය ආකාර කිහිපයකින්ම න්‍යායාත්මක කරුණක් වන අතර ඉන්දීය වෙළෙඳපොළට පැමිණෙන භාණ්ඩ බොහොමයක් සඳහාම වැදගත් වන්නේ වෙළෙඳාමට බර තබන ලද ව්‍යවහාරික තීරුබදු අනුපාතයයි. ඉන්දියාව විසින් පවත්වාගෙන යනු ලබන වෙළෙඳාමට බර තබන ලද තීරුබදු අනුපාතය සියයට 4.6ක් වන අතර, එය ඉතා සාමාන්‍ය අනුපාතයකි. මෙම තීරුබදු මට්ටම ඉන්දියාව ‘තීරුබදු රජෙක්’ යන කාරණය සාවද්‍ය බව ඔප්පු කර පෙන්වයි. සරල සාමාන්‍යයන් වෙළෙඳ පරිමාව සැලකිල්ලට නොගෙන සියලුම භාණ්ඩවලට සමාන ලෙස සලකන බැවින් සැබෑ තත්වය පිළිබිඹු නොකරයි. එසේ නම්, ඉන්දියාවේ සරල සාමාන්‍ය තීරුබදු අනුපාතය සහ වෙළෙඳාමට බර තබන ලද ව්‍යවහාරික තීරුබදු අනුපාතය අතර විශාල පරතරයක් පවතින්නේ ඇයි.
ඉන්දියාව කෘෂි සහ වාහන යන ක්ෂේත්‍ර තුළ ඉහළ තීරුබදු අනුපාතයක් පවත්වාගෙන යයි. දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම එහි අරමුණයි. ඉන්දියාවේ කෘෂිකර්මාන්තය එයටම අනන්‍ය වන අතර, ලොව කිසිදු ප්‍රධාන රටක් හා සමාන නොවේ. ඉන්දියාවේ සුවිසල් ජනගහනයෙන් ද සියයට 50ක් පමණ ඍජුව හෝ වක්‍රව කාෂිකර්මාන්තය මත යැපෙති. එසේම, ඉන්දියාවේ කෘෂිකර්මාන්තය යාන්ත්‍රීකරණය වී නොමැති අතර, ගොවීන් සතුව පවතින්නේ කුඩා ඉඩම් කොටස්ය. ඉන්දියාවේ ගොවිතැන යනු, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම මිස වාණිජ කාර්යයක් නොවේ. ඉන්දියාවේ ගොවි කර්මාන්තය ආනයනවලට විවෘත කිරීම සිය දිවි නසා ගැනීමක් වන අතර, ඉන්දියාවේ පත්වන කිසිදු ආණ්ඩුවක් එයට එකඟ නොවනු ඇත. බටහිර ගොවින් ඍජු හෝ වක්‍ර සහනාධාර ලබන බැවින් මෙම ඉල්ලීම වඩාත් හානිදායක වේ.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, ඉන්දියාව කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සාපේක්ෂව ඉහළ තීරුබදු අනුපාතයක් පවත්වාගෙන යන අතර මාංශ, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පලතුරු සහ ධාන්‍ය සඳහා සාමාන්‍ය තීරුබදු අනුපාතය සියයට 33ක් පමණ වේ. කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යුරෝපීය සංගමයේ සාමාන්‍ය අනුපාතය සියයට 37.5ක් වන අතර, එය සියයට 205 දක්වා ඉහළ යන අතර, එළවළු සහ පලතුරු සඳහා සියයට 261 දක්වා ඉහළ යයි. එසේම, කිරි ආශ්‍රිත නිෂ්පාදන මත ජපානයේ සාමාන්‍ය තීරුබදු අනුපාතය සියයට 61.3ක් වන අතර, එය සියයට 298 දක්වා ඉහළ යයි. ධාන්‍ය සඳහා සියයට 258 දක්වා ද මාංශ සහ එළවළු සඳහා සියයට 160 දක්වා ද ඉහළ යයි. දකුණු කොරියාවේ එළවළු මත තීරුබදු සියයට 800ක් සහ පලතුරු මත තීරුබදු සියයට 300ක් වන අතර, කෘෂිකාර්මික භාණ්ඩ මත සාමාන්‍ය තීරුබදු අනුපාතය සියයට 54ක් වේ. ‘තීරුබදු රජු’ කවුදැයි දැන් ඔබට පැහැදිලි වනු ඇත. වාහන අංශය සැලකීමේදී, එම අංශය විශාල රැකියා ප්‍රමාණයක් ජනනය කරන බැවින් ඉහළ තීරුබදු අනුපාතයක් පවත්වාගෙන යාම වැදගත් වේ.
සියයට 15.98ක් වන ඉන්දියාවේ සරල සාමාන්‍ය බදු අනුපාතය පවා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ගෝලීය සම්මතය හා අනුරූප වේ. ආසන්න වශයෙන් සමාන හෝ ඉහළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයක් පවතින බංග්ලාදේශය (14.1%), ආර්ජන්ටිනාව (13.4%) සහ තුර්කිය (16.2%) යන රටවල් ඒ හා සමාන හෝ ඉහළ තීරුබදු අනුපාත පවත්වාගෙන යයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකාර්මික නොවන අපනයන ඉන්දියාවේ බදු බාධාවලට මුහුණු දෙන බවට එක්සත් ජනපදය කරන ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැසිය හැක්කේ, ඉන්දියාව බොහෝ ආසියාතික රටවල තීරුබදු අනුපාතවලට සමාන හෝ ඊට වඩා අඩු තීරුබදු ඇමෙරිකානු අපනයනකරුවන්ගෙන් අය කරන බවයි. නිදසුනක් ලෙස විද්‍යුත් භාණ්ඩ සහ තාක්ෂණ ක්ෂේත්‍රය සැලකීමේදී, ඉන්දියාව විසින් තොරතුරු තාක්ෂණ දෘඪාංග, අර්ධ සන්නායක, පරිගණක සහ ඒ ආශ්‍රිත කොටස් බොහොමයක් මත තීරුබදු අය නොකරන අතර, විද්‍යුත් භාණ්ඩ මත සියයට 10.9ක සාමාන්‍ය තීරුබදු අනුපාතයක් ද, පරිගණක යන්ත්‍රෝපකරණ මත සියයට 8.3ක සාමාන්‍ය තීරුබදු අනුපාතයක් ද පවත්වාගෙන යයි.
සාපේක්ෂ වශයෙන් බැලීමේදී, වියට්නාමය විද්‍යුත් උපකරණ මත අය කරන තීරුබදු අනුපාතය සියයට 8.5ක් වන අතර, එය සියයට 35 දක්වා ඉහළ යයි. චීනය විද්‍යුත් භාණ්ඩ මත සියයට 5.4ක තීරුබදු අනුපාතයක් පවත්වාගෙන යන අතර, එය සියයට 20 දක්වා ඉහළ යා හැකි අතර, පරිගණක යන්ත්‍රෝපකරණ මත තීරුබදු සියයට 25 දක්වා ඉහළ යා හැකිය. ඉන්දුනීසියාව විද්‍යුත් උපකරණ මත සියයට 6.3ක තීරුබදු අනුපාතයක් පවත්වාගෙන යන අතර, එය සියයට 20 දක්වා ඉහළ යා හැකිය. පරිගණක යන්ත්‍රෝපකරණ මත තීරුබදු සියයට 30 දක්වා ඉහළ යා හැකිය.
ඉන්දියාව වලංගු හේතුන් මත කෘෂිකාර්මික, කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ වාහන වෙළෙඳපොළ ආරක්ෂා කිරීම සඳහා සාධාරණීකරණය කළ හැකි බදු අනුපාතයන් පවත්වාගෙන යන බව සත්‍යයකි. එහෙත්, ඉන්දියාවේ වෙනත් අංශවල වෙළෙඳාම මත බර තබන ලද ව්‍යවහාරික තීරුබදු අනුපාත දෙස බැලීමේදී ඉන්දියාව ‘තීරුබදු රජෙක්’ යන චෝදනාව සාවද්‍ය බව පසක් වේ.
(ආචාර්ය මෝහන් කුමාර් හිටපු ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයකු වන අතර, ඔහු OP ජින්දාල් ගෝලීය විශ්වවිද්‍යාලයේ අලුතින් පිහිටුවන ලද ඇමෙරිකානු අධ්‍යයන සඳහා ජඩේජා මොට්වානි ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වේ.)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාව සැබැවින්ම ’’තීරුබදුරජෙක්’’ නොවේ