IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියාවේ මැසගොන් ඩො.මි. 53 කට කලම්බු ඩොක්යාර්ඩ් මිලට ගනී

භානුක අමරසිංහ 


ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම ශ්‍රී ලංකාවේ කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී (කොළඹ නැව් තටාකාංගණ සමාගම) මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. 
මෙහිදී කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ සියයට 51ක කොටස් හිමිකාරීත්වයක් මිලදී ගැනීමට මැසගොන් සමාගම ඉදිරිපත්ව සිටින අතර, ඒ සඳහා ඉදිරිපත් කර ඇති වටිනාකම එ.ජ. ඩොලර් මිලියන 52.96ක් ලෙස සටහන්ව තිබේ. 
කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවා වූ ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ්  (Onomichi)  සමාගම 2024 නොවැම්බර් මාසයේදී එම ආයෝජනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කිරීමත් සමගින්ම කලම්බු ඩොක්යාර්ඩ් සමාගම නව ආයෝජකයකු සෙවීමේ නිරත විය. 
එහි ප්‍රතිඵලයක් ලෙස කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී, මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් සහ ඔනොමිචි ඩොක්යාර්ඩ් යන සමාගම්වල නියෝජිතයන් පසුගියදා මෙම අත්පත් කරගැනීම සඳහා වන එකඟතාවට අත්සන් තැබීම සිදු කර තිබේ. 
මෙම යෝජිත අත්පත් කරගැනීමේ එකඟතාව මාස හතරත් හයත් අතර කාලයේදී සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි. කෙසේ වෙතත් මෙම මිලදී ගැනීමේ එකඟතාව සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සඳහන් වෙයි.
ඔනොමිචි සමාගමට අමතරව කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ අනෙකුත් ප්‍රධානතම කොටස්හිමිකරුවන් වන්නේ සේවක අර්ථසාධක අරමුදල (16.34%), ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා අරමුදල (10%), ශ්‍රී ලංකා වරාය අධිකාරිය (5%), සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල‍් (2.4%) යන ආයතනයි. 
1774 වසරේදී ආරම්භ කෙරුණු මෙම මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම, අද වනවිට ඉන්දියාවේ බොම්බේ කොටස් හුවමාරුවේ සහ ජාතික කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමකි. එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 15.12ක් ලෙස සටහන් වෙයි. 

 



අදහස් (0)

ඉන්දියාවේ මැසගොන් ඩො.මි. 53 කට කලම්බු ඩොක්යාර්ඩ් මිලට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site