ආර්ථිකයේ වත්මන් ප්‍රවණතා සහ ඉදිරි සැලසුම් අනාවරණය කරන විශේෂ ප්‍රකාශයක් ජනාධිපති අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට පත් දැනට රට තුළ කරගෙන යන ක්‍රියාමාර්ග ඉදිරියේ දී වේගවත් කරන පිළිවෙළ අනාවරණය කරනු ඇතැයි ආයෝජකයෝ විශ්වාස කරන බව පෙනේ. විදුලිය අංශයේ පිරිවැය කළමනාකරණය හා පද්ධති ශක්තිමත් කරන අරමුණ ඇතිව ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය වැඩසටහනක් අනුමත කර ඇත. ආසියානු සංවර්ධන බැංකුව ද තවත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් අනුමත කර තිබේ. මෙමගින් සූර්ය විදුලිය උත්පාදනයට ද මුදල් යොදවනු ඇත. මෙම අංශ වල ප්‍රගතිය සමග ආර්ථිකයේ ගමන්මග ගැන කොටස් වෙළෙදපොළ ගනුදෙනුකරුවන් සැලකිල්ලකින් පසුවන බව දැක්වේ.
ජුනි 26 ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,872.74 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 132.24 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,283.06 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 17.71 ක වර්ධනයක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. මිලියන 5,120.61 කි. කොටස් මිලියන 294.4 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 35,745කි. සමාගම් 173 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 75 කි.
විදේශීය ගනුදෙනු සහභාගීත්වය සලකා බලන පසු විකිණීමේ ප්‍රවණතාව තව දුරටත් ඉහළ ගියේය. මිල දී ගැනීම් රු. මිලියන 128.9 ක් වූ අතර විකිණීම් රු. මිලියන 570.38 කි. ශ්‍රී ලංකාවෙන් පිටතට ගිය ශුද්ධ විනිමය ප්‍රමාණය රු. මිලියන 441.47 කි.
ජෝන් කීල්ස් රු. මිලියන 572 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 161, සම්පත් රු. මිලියන 126 ක්, සන්ෂයින් හෝල්ඩි රු. මිලියන 119 ක්, සිංගර් ශ්‍රී ලංකා රු. මිලියන 118 ක්, හැටන් නැෂනල් ෆිනෑන්ස් රු. මිලියන 104 ක්, පීපල්ස් ලීසිං රු. මිලියන 99 ක්, සී. අයි. සී. රු. මිලියන 99 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
549
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරි ප්‍රවණතා කොටස් වෙෙළඳාමට බලපෑමක්