විමුක්ති එස් රුද්‍රිගු
ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය පසුගිය ජූනි මාසයේදී දර්ශකාංක 58.6 ක් වාර්තා කර තිබෙන බවත් එය අඩු වේගයකින් ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
ව්‍යාපෘතිවල සිදුවූ ධනාත්මක වර්ධනය මෙන්ම ස්ථාවර මිල මට්ටම් තුළින් පෙන්නුම් කළ පරිදි, ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා පවතින හිතකර වාතාවරණය එම කටයුතු තවදුරටත් වර්ධනය වීමට හේතුවී තිබෙන මහ බැංකුව ප්‍රකාශ කළේය.

පසුගිය ජූනි මාසයේදී නව ඇණවුම් දර්ශකය තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් එහිදී විශේෂයන් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑමක් වාර්තා වී තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. මීට අමතරව තාවකාලිකව අත්හිටුවා තිබූ ව්‍යාපෘති කීපයක්ම නැවත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා පටන්ගෙන ඇතැයිද මහ බැංකුව ප්‍රකාශ කළේය.
තවද ඉදිකිරීම් කටයුතු පෙන්නුම් කළ අඛණ්ඩ වර්ධනයත් සමග සේවා නියුක්ති දර්ශකය පසුගිය ජූනි මාසයේදී දර්ශකාංක 51.4 ක් බවත් එය පහත වැටීමක සිට ඉහළ යමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. තොග මිලදී ගැනීම් පසුගිය ජූනි මාසයේදී දර්ශකාංක 57.1 වාර්තා කර තිබෙන බවත් එය වැඩි වේගයකින් ඉහළ යාමක් බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිකිරීම් කටයුතු හෙමින් වර්ධනය වෙයි