IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉදිකිරීම් අංශයේ සමස්ත ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේදී පහළට


භානුක අමරසිංහ 


මේ වසරේ අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය) 41.4ක අගයක් ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු මාසයේදී එය 54.3ක අගයක් ගෙන තිබුණි. 

ඒ අනුව මෙය පසුගිය වසරවල අලු‍ත් අවුරුදු සමයේ පැවැති රටාව යළිත් පෙන්නුම් කළ අවස්ථාවක් බවත් මහ බැංකුව සඳහන් කරයි. අලු‍ත් අවුරුදු සැමරුම් හේතුවෙන් සිය ඉදිකිරීම් ස්ථාන බොහෝමයක් මාසය තුළ දිගු කාලයක් තාවකාලිකව වසා දමා තිබීම ඊට හේතුව ලෙස අනාවරණය වී තිබේ. 

කෙසේ වෙතත් පෙර වසරේ අප්‍රේල් මාසයේ වාර්තා වූ 31.9ක අගය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේ පහත වැටීම සාපේක්ෂව අඩු මට්ටමක් ලෙස සැලකෙයි. මෙලෙස අප්‍රේල් මාසය තුළ ඉදිකිරීම් පහත වැටීම හේතුවෙන් සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනීම් පිළිවෙළින් 35.7ක් සහ 37.1ක් දක්වා පහත වැටී තිබේ. මාර්තු මාසයේදී මෙම අගයන් පිළිවෙළින් 48.5ක් සහ 54.4ක් ලෙස පැවතුණි. 

එසේම ඉහළ නිවාඩු දින සංඛ්‍යාව හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පිළිබඳ දර්ශකය 52.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. මාර්තුවේදී එය 51.4 ක් ලෙස සටහන් විය. 

 



අදහස් (0)

ඉදිකිරීම් අංශයේ සමස්ත ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේදී පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site