IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇල්ෆා ෆයර් සර්විසස් සමාගමේ සියයට 58 ක් රු.මි. 221 කට අලෙවි වෙයි

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත, මෙරට ප්‍රමුඛතම ගිනි ආරක්ෂණ සේවා සම්පාදන සමාගමක් වන ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගමේ සියයට 58 ක කොටස් ප්‍රමාණයක් රුපියල් මිලියන 221 කට අධික මුදලකට අලෙවි වී ඇතැයි වාර්තා පවසයි.
මෙහිදී ආයෝජන සමාගම් එකමුතුවක් වන ATX Partners සහ ARCASIA Investments and Trading Ltd සහ JBL Holdings නම් සමාගමක් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.
මේ අතරින් ATX Partners සහ ARCASIA Investments and Trading Ltd. යන සමාගම් කොටස් මිලියන 9.492 ක් බැගින් එනම් සියයට 25ක් බැගින් මිලදී ගෙන තිබේ. එසේම JBL Holdings සමාගමද එම මිලටම කොටස් මිලියන 3.15ක් මිලදී ගෙන ඇත.  
ඒ අනුව මිලදී ගෙන ඇති සමස්ත කොටස් ප්‍රමාණය මිලියන 22.1කි. මෙහිදී කොටසක් රුපියල් 10ක් ලෙස ගනුදෙනුව සිදුව ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 221කි. 
මෙහිදී ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන එස්.වී.ඒ. පෙරේරා, එම්.සී. ප්‍රනාන්දු සහ ඒ.එස්.අයි ගුණසේකර යන පිරිස පිළිවෙළින් කොටස් මිලියන 11ක්, මිලියන 7.68ක් සහ මිලියන 3.47ක් ලෙස අලෙවි කළ කොටස් අදාළ සමාගම් මගින් මිලදී ගෙන තිබේ. අදාළ ගනුදෙනුවේ උපදේශකයා ලෙස Atarah Capital සමාගම කටයුතු කර තිබේ.
මෙලෙස ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගමේ කොටස් මිලදී ගත්  ATX Partners සහ ARCASIA Investments and Trading Ltd. යන සමාගම් ඇම්බියොන් සමූහයට අයත් ආයෝජන සමාගම වන ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගමේද කොටස්කරුවන්ය. 



අදහස් (0)

ඇල්ෆා ෆයර් සර්විසස් සමාගමේ සියයට 58 ක් රු.මි. 221 කට අලෙවි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site