විමුක්ති එස්. රුද්‍රිගු
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර ඊට පෙර ඇමෙරිකාව සහ ඉන්දියාව අතර එළැඹීමට නියමිත අන්තර් කාලීන වෙළෙඳ ගිවිසුම අවසන් කිරීම සඳහා ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් පෙරේදා (14) වොෂිංටන් නුවරට පැමිණියේය.
අන්තර්කාලීන වෙළෙඳ ගිවිසුම, ඇමෙරිකාව සහ ඉන්දියාව අතර එළැඹීමට නියමිත ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයට කාලය ලබාදෙනු ඇත. ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමට බොහෝ දුරට මෙම වසර අවසානයේ අත්සන් තැබීමට නියමිතය.
වෙළෙඳ ගිවිසුම මගින් දෙරට අතර වෙළෙඳ සබඳතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 500 දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
මේ අතර ශ්‍රී ලංකාවද ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියෝජිත කණ්ඩායමක් වොෂිංටන් නුවර බලා යැවීමට තීරණය කර ඇත.
දින 90 ක සහන කාලය අවසානයේදී ශ්‍රී ලංකාවට සියයට 30 ක තීරු බද්ද ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් රජය මුල් අවස්ථාවේදී සතුටු වුවත් ඉන්දියාව සහ වියට්නාමයට පැනවී ඇති මෙන්ම පැනවීමට නියමිත තීරුබදු සමග සංසන්දනය කිරීමේදී ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ මෙරට නිෂ්පාදනවලට තරගකාරීත්වය පවත්වාගෙන යාමට නම් තීරු බද්ද සියයට 20 දක්වා අඩු කරගත යුතු බවට රජයේ ස්ථාවරය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
560
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා-ඉන්දියා අන්තර්කාලීන වෙළෙඳ ගිවිසුම අවසන් කිරීමට ඉන්දීය නියෝජිත පිරිසක් වොෂිංටනයට