භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් සමාගමක් වන Myland Development PLC සමාගමේ සියයට 51.03 ක ප්‍රතිශතයක් මිලදී ගැනීමට ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම පියවර ගත් බව පවසයි.
මෙහිදී එම සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 18,500,000ක්, එක් කොටසක් රුපියල් 8.50ක් බැගින් මිලදී ගැනීමට ඇම්බියොන් කැපිටල් පියවර ගෙන තිබේ. මෙම කොටස් සමාගමේ නිර්මාතෘවරයා වන ධම්මික නලින් පෙරේරා සතුව තිබූ කොටස් අතරින් ප්‍රමාණයක් බවත් පැවසෙයි.
මේ අතර Myland Development PLC හි තවත් සියයට 30.7ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගන්නටATX Partners (Private) Limited (13.75%), Arcasia Investment and Trading (Private) Limited (13.95%) සහ දොන් ට්‍රිබුට්‍රියස් හඳපාන්ගොඩ මුදලිගේ (3%) යන ආයෝජකයන් එකමුතුවක් පියවර ගෙන තිබේ.
මෙම අලෙවියත් සමගින් Myland Development PLC හි සියයට 81.73ක ප්‍රතිශතයක් මිලදී ගන්නට අදාළ සමාගම් සහ ආයෝජක එකමුතුව සමත්ව ඇත. එසේම ඉදිරියේදී ඔවුන් සමාගමේ අනෙකුත් කොටස් මිලදී ගැනීමටද කටයුතු කරනු ඇතැයි පවසයි.
මේ අතර අදාළ මිලදී ගැනීමත් සමගින්ම Myland Development PLC හි කොටසක වටිනාකම රුපියල් 11.20 සිට රුපියල් 14.00 ක් දක්වා රුපියල් 2.80කින් එනම් සියයට 25කින් ඉහළ නැග තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇම්බියොන් කැපිටල් Myland Development මිලට ගනී