
(රංජිත් රාජපක්ෂ)
කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කළ ලෝකයේ පළමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යංශයේ සහතිකය (එස්එල්එස්) ප්‍රමිති සහතිකය කොටගල වැවිලි සමාගමට අයත් හැටන්-කොටගල මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරිනමා තිබේ.
කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශ ශ්‍රවණාගාරයේ දී එම තේ කර්මාන්ත ශාලාවට පිරිනමන ලද කොවිඩ් 19 ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ ප්‍රමිති සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශෂිකා ඩී සේනාරත්න මහත්මිය විසින් එම වතු යායේ වතු අධිකාරි අර්ජුන මැදගම මහතා වෙත පිරිනමන ලදී.
ලෝක සෞඛ්‍යය සංවිධානය කොවිඩ් 19 වයිරසය සදහා නිර්දේශ කරන ලද සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය විසින් කළ නිර්දේශ මත මවුන්ට්වර්නන් වතුයාය මගින් තේ දළු නෙලීමේ සිට තේ කුඩු නිෂ්පාදනය දක්වාම එම සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලදී.
ප්‍රමිති කාර්යංශය විසින් නිර්දේශ කරන ලද නිර්දේශ වතු පාලන අධිකාරි නිසි ලෙස අනුගමනය කරනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය විසින් මාස දෙකකට ආසන්න කාලයක් අධික්ෂණය කිරිමෙන් පසුව ප්‍රමිති සහතිකය එම තේ කර්මාන්ත ශාලාවට පිරිනමා තිබේ.
කොවිඩ් 19 සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරිනමන ලද ප්‍රමිති සහතිකය සම්බන්ධයෙන් එම වතු යායේ වතු අධිකාරි අර්ජුන මැදගෙදර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘අපිට ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය මගින් සහතිකයක් ලැබුණා. කොරෝනා ආරක්ෂක ක්‍රමවේද භාවිතා කළ ලෝකයේ පළමු තේ කර්මාන්ත ශාලාව විදිහට මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාව තේරි පත් වුණා. අපි අප යටතේ සේවය කරන සේවකයන්ගේ සෞඛ්‍යය තත්ත්වය 100% තහවුරු කරලා තියෙනවා කොරෝනා වයිසරයට සමගාමිව ගත හැකි සියළුම සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරලා තියෙනවා.
අපේ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන තේ 100% සෞඛ්‍යය ආරක්ෂිතව තමයි තේ වෙන්දේසියට නිකුත් කරනු ලබන්නේ. අපේ ගැනුම්කරුවන්ට කියන්නේ අපි කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කළ තත්ත්ව සහතියක් ලබාගෙන තියෙනවා. අපි මේකෙන් ලෝකයට කියන්නේ සිලොන් ටී සෞඛ්‍යය ආරක්ෂිතයි කියන එක. අපි ආඩම්බර වෙනවා එවැනි සහතියක් ලබා ගත් ලෝකයේ පළමු ආයතනය විම පිළිබඳව’.






2025 නොවැම්බර් මස 17
103
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
943
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2549
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආරක්ෂිතව තේ නිෂ්පාදනයේ පළමුවැනි ප්‍රමිති සහතිකය මවුන්ට්වර්නන් වතුයායට