(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයකු වන සුසන්ත රත්නායක මහතා පත් කරනු ලැබ ඇත.
වසර 30 කට අධික කළමනාකරණ පළපුරුද්දක් ඇති රත්නායක මහතා 2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර ඇත.
ඔහු 1992/93 සිට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය. මීට අමතරව ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු ආයතන හා සමාගම් ගණනාවක් ඔහුගේ මෙහෙය වීමෙන් පසුගිය කාලයේ දී සාර්ථක ප්‍රතිළුල අත්පත් කරගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ දෙයක්... හැබැයි ඉතින් පාඨලීගේ කේස් එකෙන් ඔක්කොම චොරවෙනවා...
වරායට, ගුවන්තොටුපලට සියල්ලට හමුදාවෙන්. මෙයත් හමුදාවෙන්ද ?
මෙයා ජෝන් කීල්ස් එක චොරයක් කරලා තමයි ගියේ..