විමුක්ති එස් රුද්‍රිගු
එළැඹෙන 30 වැනිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - චීන වෙෙළඳ හා ආයෝජන සමුළුවට චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ සාමාජිකයන් 115 දෙනකුගෙන් යුත් ව්‍යාපාරික දූත පිරිසක් සහභාගී වනු ඇතැයි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළ පෙළේ චීන නියෝජිත පිරිස එරට ප්‍රධාන පෙළේ සමාගම් 77 නියෝජනය කරනු ඇති බවත්, සමුළුවේදී මෙරට ව්‍යාපාර සහ යෝජනා හවුල්කරුවන් සමග සම්බන්ධ වීමට චීන නියෝජිත පිරිසට අවස්ථාව ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.
මෙම සමුළුව, ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික කවුන්සිලය සහ යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය හා අපනයනය සඳහා වූ චීන වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන අතර, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමුළුවට සත්කාරකත්වය සපයයි.
ශ්‍රී ලංකා - චීන වෙළඳ හා ආයෝජන සමුළුව දෙරට අතර, තිබෙන ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට වේදිකාවක් සපයනු ඇති බවත් දෙරට අතර, ව්‍යාපාර සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට පහසුකම් සපයනු ඇති බවත්, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය. එසේම ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා හඳුනාගැනීමටද මෙම සමුළුව වේදිකාවක් සපයනු ඇති බවද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයෝජන නැංවීමට චීන වාණිජ ඇමැති එක්ක ඉහළ දූත පිරිසක් ලංකාවට