භානුක අමරසිංහ
කාර්ගිල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලය හිමි කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ නව ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරිය ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මැයි 20 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය එම ධුරයට පත් කරගෙන තිබේ.
කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ සභාපතිවරයා වන ලුයිස් පේජ් සහ එහි උප සභාපති/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් පේජ් යන මහත්වරුන් සමීප පවුලේ සාමාජිකයන් වීම මෙම නව පත් කිරීමට හේතුව ලෙස සඳහන් වෙයි. මෙම පත් කිරීම සිදුවන අවස්ථාව වන විටත් දුෂ්නි වීරකෝන් මහත්මිය කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සීහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළාය. කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කාර්ගිල්ස් සමූහයෙහි පරිපාලිත සමාගමකි. දුෂ්නි වීරකෝන් මහත්මිය මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) විධායක අධ්‍යක්ෂවරිය වෙයි. එසේම ඇය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේද සාමාජිකාවකි.
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආචාර්ය දුෂ්නි වීරකෝන් කාර්ගිල්ස් සිලෝන් ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ ධුරයට