IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අරෝෂි සහ ෂනිල් කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 


ජෝන්කීල්ස් සමූහයට අයත් කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස අරෝෂි නානායක්කාර සහ ක්‍රිස්ටෝපර් ෂනිල් ප්‍රනාන්දු පත් කරගත් බව එම සමාගම පවසයි.. ඒ අනුව මැයි 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ඔවුන් දෙදෙනා සමාගමෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්වනු ඇතැයි සඳහන් වෙයි.  
මේ අතරින් අරෝෂි නානායක්කාර මහත්මිය මේ වනවිට සම්පත්  බැංකුව, රෝයල් පාම් බීචි හොටේල්ස් සහ ටැන්ගරින් බීච් හොටේල්ස් පීඑල්සී යන සමාගම්වල  අධ්‍යක්ෂ  මණ්ඩල  සාමාජිකාවක  ලෙස  කටයුතු  කරයි. මීට පෙර ඇය ABN AMRO Bank, Deutsche Bank, Eagle Insurance, Delmage Group  සහ Brandix සමූහයේද ඉහළ තනතුරු දරා තිබේ. මීට අමතරව මෑතකදී පිහිටවුණු ලංකා ඉන්දියා ව්‍යාපාරික සංගමයේ උප සභාපතිනියද වෙයි. 
ක්‍රිස්ටෝපර් ෂනිල් ප්‍රනාන්දු මහතා ගෝලීය තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වසර 25ක කාලයක අත්දැකීම් සහිත වෘත්තිකයෙකි. ඔහු Virtusa Coporation හි ආරම්භක සාමාජිකයෙකුද වෙයි. එසේම ඔහු Sysco Labs සම නිර්මාතෘවරයකුද වෙයි. වර්තමානයේදී ඒ මහතා Fernando Ventures නමින් ගෝලීය දේපළ වෙළෙඳාම සහ කෘෂි-සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ ආයෝජන සමාගමක් පවත්වාගෙන යයි.  

 



අදහස් (0)

අරෝෂි සහ ෂනිල් කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site