IMG-LOGO

අර්බුදයෙන් මිදීමට කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම්, ණය සහන මත යැපීම නවතා අපනයනය ඉලක්ක කරගත් කාර්මිකකරණ ආර්ථික ප්‍රතිපත්තියක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි.

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව, රාජ්‍ය ප්‍රතිව්‍යුහගත ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම ආරම්භ කිරීමට සූදානම් වෙයි.

ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් මෙරට රැඳී සිටින තකෆූමි කඩෝනෝ මහතා අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාව නව ණය ගැනීම්වලට යොමු වීමට සිදු නොවන බව සහතික කරන ආකාරයේ ව්‍යුහාත්මක ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කළ යුතු බවය.

දකුණු කොරියාවේ සිදුවුණු ආර්ථික පෙරළිය සිහිපත් කරමින්, පාලන තන්ත්‍ර වෙනස්වීම් නොතකා, ස්ථාවර නායකත්වය සහ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් ශ්‍රී ලංකාවට ද අවශ්‍ය බව කඩෝනෝ මහතා අවධාරණය කර ඇත.
‘කොරියානු රජය පර්යේෂණ සහ සංවර්ධන ප්‍රයත්නයන්ට නායකත්වය දුන්නා, රටේ සමාගම් දිරිමත් කිරීම සඳහා බදු සහන ලබා දුන්නා සේම, වැඩි ආයෝජනයක් කිරීමට දායක වන්නැයි පුද්ගලික සමාගම්වලට උපදෙස් දුන්නා. දකුණු කොරියාවේ ආර්ථික පෙරළියක් සිදුවුණේ ඒ අනුවයි.’ යැයි කඩෝනෝ මහතා වැඩි දුරටත් පැහැදිලි කළේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමිනි.

“ආණ්ඩුව කළ යුත්තේ මෙයයි. ඔවුන් පුද්ගලික සමාගම් හෝ රාජ්‍ය ව්‍යවසායකයන්ට සහන ලබා දෙන්නේ නම්, මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට උදව් කරන ලෙස ඔවුන්ට උපදෙස් දිය යුතුයි, ණය සහන මත හෝ තවත් ණය ලබා ගැනීම් මත හෝ යැපීම කළ යුතු වන්නේ නැහැ.’ යැයි කඩෝනෝ මහතා වැඩිදුරටත් පැවසීය. යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දිය හැකි ඉලක්කගත කාර්මික ප්‍රතිපත්තිවල ඇති විය හැකි බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා ආර්ථික සමුළුව්දී සාකච්ඡාවට බදුන් විය. ‘රජය මුදල් වියදම් කිරීම පමණක් නොකළ යුතුයි. ඔවුන් ආයෝජනය කළ යුතුයි. ඔවුන් වෙළඳපොළ නියාමනය කිරීම පමණක් නොව, වෙළඳපල නිර්මාණය කළ යුතුයි’ යැයි ද කඩෝනෝ මහතා පැවැසීය.

කොරියානු විදුලි බල සංස්ථාව වැනි ප්‍රධාන ආයතන ඉතා ක්‍රමාණුකූලව, උපායමාර්ගිකව පුද්ගලීකරණය කිරීම ආදිය උදාහරණයට ගනිමින්, දකුණු කොරියාව ඔවුන්ගේ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම පිළිබඳව කඩෝනෝ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

‘ශ්‍රී ලංකාවේ නව රජයට, ඉටු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. එය විනිවිදභාවයෙන් යුතුව කිරීම සඳහා, තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම සහ අපනයනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා’ යැයි කඩෝනෝ මහතා අවසන් වශයෙන් පෙන්වා දුන්නේය.



අදහස් (0)

අර්බුදයෙන් මිදීමට කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 190 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 696 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1095 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site