IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රකාශ කළේය.

අවුරුද්දකට වඩා වැඩි කාලයකදී සිදු වූ විශාලතම අලෙවිය පහත වැටීම මෙම වසරේ පළමු මාස තුනේදී වාර්තාකර ඇති බවත් සංඛ්‍යා ලේඛනවලට අනුව අයි ෆෝන් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම මෙම වසරේ පළමු මාස තුනේ දී සියයට හතරකින් පහත වැටී ඇති බවත් ඇපල් සමාගම පැවසුවේය.

අයි ෆෝන් අලෙවිය පහත වැටීම ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් සාධාරණීකරණය කිරීමට උත්සාහ දරමින් පසුගිය වසරේ පළමු මාස තුනේදී කෝවිඩ් වසංගතය අවසානවීම හේතුවෙන් අයි ෆෝන් සඳහා විශාල ඉල්ලුමක් තිබී ඇති බවත් වෙළඳපොළ සාමාන්‍ය තත්ත්වයට හැරීමෙන් පසුව මෙම වසරේ පළමු මාස තුනේදී සාමාන්‍ය පරිදි දුරකථන අලෙවි වී ඇති බවත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.වසර දෙක සංසන්දනය කරන විට මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් අලෙවිය පහත වැටී ඇති බවට දත්ත වාර්තා පෙන්නුම් කරන බවද ටිම් කුක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.



අදහස් (0)

අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site