IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 1.6කින් පහළට

හර්ෂණ තුෂාර සිල්වා

ඉකුත් අප්‍රේල් මාසයේදී උද්ධමනය සියයට 1.6ක් දක්වා පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.6ක් අඩු වී තිබේ.

මේ වසරේ මාර්තු මාසයේ පැවැති සියයට 2.8ට සාපේක්ෂව 2016 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් වාර්තා වූ අඩුම උද්ධමනය අප්‍රේල් මාසයේදී වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

පසුගිය අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම පහළ යෑමට පසුගිය වසරේ (2017) අප්‍රේල් මාසය තුළ දී විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පැවැති ඉහළ පදනම් අගය දායක වූ බව ද මහ බැංකුව සඳහන් කරයි. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මේ වසරේ මාර්තු මාසයේදී සියයට 6.7ක් වූ අතර එය අප්‍රේල් මාසයේදී සියයට 6.1ක් දක්වා අඩු වූ බව ද මහ බැංකුව කියයි. 

 



අදහස් (2)

අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 1.6කින් පහළට

Senarath Wednesday, 23 May 2018 08:34 AM

වට්ටක්ක විකුණගන්න බැරුව ගොවියෝ වට්ටක්ක විස්කලානේ. මිනිස්සු ඒවා කෑමට අරගෙන වෙන්න ඇති අප්‍රේල් මාසේ ජිවන වියදම 1.6 කින් පහල ගියේ. එහෙම නැතිව රටේ සංවර්ධනය වේගවත් වෙලාවත්, ඩොලරයේ මිලට සාපේක්ෂව රුපියලේ වටිනාකම වැඩි වෙලාවත් වෙන්න බැහැනේ. ඩොලරය දැන් රුපියල් 160 වෙලානේ.

:       0       190

sanath Wednesday, 30 May 2018 08:23 AM

මේක නම් අදහගන්න බැරි අඩුවීමක්, පැට්‍රොල්, ඩීසල් හා බූමිතෙල් පිළිවෙලින් රු 20, 14 හා 50 කින් වැඩි වෙලත් කොහොමද උද්ධමනය අඩුවෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site