IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අප්‍රේල් මාසයේදී තේ නිෂ්පාදනය සියයට 23කින් ඉහළට

  • මුල් මාස හතරේදී සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 87.9ක්
  • ඉහළ බිම් වගා තේ නිෂ්පාදනය කිලෝ මිලියන 20.2ක්
  • මැදි බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 13.7 සිට කිලෝ 16.4 ක් දක්වා සියයට 20.2 කින් වර්ධනය වෙලා
  • පහත් බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 51.3ක්

භානුක අමරසිංහ
මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 26.39ක් බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2024 අප්‍රේල් මාසයේදී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 21.46 හා සැසඳීමේදී සියයට 23 ක වර්ධනයකි. විශේෂයෙන්ම තේ නිෂ්පාදනය සඳහා පැවැති හිතකර කාලගුණික තත්වය මේ සඳහා හේතුව වී තිබේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමය‍, ශ්‍රී ලංකා රේගුව සහ ලෝක බැංකුව නිකුත් කළ දත්ත අනුව මහ බැංකුව මෙම කරුණු සඳහන් කර සිටියි. 
ඒ අනුව 2025 වසරේ මුල් මාස හතර තුළදී මෙරට සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 87.9ක් ලෙස සටහන්ව ඇත. එහිදී ජනවාරි කිලෝ මිලියන 21.46ක්, පෙබරවාරි කිලෝ මිලියන 15.60ක් සහ මාර්තු කිලෝ මිලියන 24.43ක් ලෙස සටහන්ව තිබේ. එය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ කිලෝ මිලියන 79.8ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී සියයට 10.2ක වර්ධනයකි.
මෙහිදී 2025 මුල් මාස හතරේ ඉහළ බිම් වගා තේ නිෂ්පාදනය කිලෝ මිලියන 20.2ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ කිලෝ මිලියන 17.6 හා සැසඳීමේදී සියයට 14.3ක වර්ධනයකි. එසේම මැදි බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 13.7 සිට කිලෝ 16.4 ක් දක්වා සියයට 20.2 කින් වර්ධනය වී ඇත. කෙසේ වෙතත් මේ වසරේ මුල් මාස හතරේදී පහත් බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 51.3ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසරේ වාර්තා කළ කිලෝ මිලියන 48.5 හා සැසඳීමේදී සියයට 5.9 ක සුළු වර්ධනයකි.
මේ අතර අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තේ මිල කිලෝග්‍රෑමයක් සඳහා එක්සත් ජනපද ඩොලර් 2.91ක් ලෙස වසර තුළ මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා වී ඇත. ජනවාරි සිට මාර්තු දක්වා එය පිළිවෙළින් ඩොලර් 2.78ක්, 2.69ක් සහ 2.69ක් විය. කෙසේ වෙතත් 2024 අප්‍රේල් මාසයේදී එය ඩොලර් 3.03ක් ලෙස සටහන්ව තිබුණි. කොළඹ, කල්කටා සහ මොම්බාසාහි පැවැති සාමාන්‍ය වෙන්දේසි මිල අනුව මෙම මිල ගණන් ඉදිරිපත්ව තිබේ. 



අදහස් (0)

අප්‍රේල් මාසයේදී තේ නිෂ්පාදනය සියයට 23කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site