විමුක්ති එස් රුද්‍රිගු
අප්‍රේල් මාසයේ ගතවූ දින 6 තුළ මෙරටට සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ සංචාරකයන් 760.891 ක් මෙරටට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
මෙම මස ගෙවුණු දින 6 තුළ මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියවෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17 කි. මෙම මස පළමු දින 6 තුළ ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 6,548 පැමිණ ඇත. දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් එක්සත් රාජධානියට සහ රුසියාවට හිමිව ඇති අතර එම රටවලින් පිළිවෙළින් සංචාරකයන් 5,438 ක් සහ 4,185 ක් මෙරටට පැමිණ තිබේ.
මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළද මෙරටට වැඩියෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර සංචාරකයන් 124,863 ක් එම කාලය තුළදී ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇත. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් රුසියාවට සහ එක්සත් රාජධානියට හිමිව තිබිණ. එම කාලය තුළදී රුසියාවෙන් සංචාරකයන් 97,753 ක් මෙරටට පැමිණ තිබූ අතර එක්සත් රාජධානියෙන් මෙරටට සංචාරකයන් 75,143 ක් මෙරටට පැමිණ තිබුණේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අප්‍රේල් මුල් දින 6ට සංචාරකයෝ 38,615 ක්