IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් කරන්න යයි

අනුරාධපුර සංවර්ධනය සදහා   රුපියල් කෝටි 700ක් වැය කිරීමට රජය තීරණය කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා  අනුරාධපුරයේ දී පැවසීය.

අනුරාධපුර සී ටී සී උත්සව ශාලාවේ දී පැවැති ජාතික හෙළ උරුමය පක්ෂයේ 2016 අනුරාධපුර දිස්ත්‍රික් ජන සභාව හා ‘‘රට හරි මඟට ගමු‘‘ සම්මන්ත්‍රණය අමතමින් ඔහු එලෙස කීවේය.

සංස්කෘතික ත්‍රිකෝණය ඇති කලාපය තුළ සිඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා රජය කඩිනමින්ම අනුරාධපුර-ත්‍රිකුණාමලේ-පොලොන්නරුව පාදක කරගත් ආර්ථික ත්‍රිකෝණයක් ආරම්භ කරන බවත් අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

‘‘කොළඹ එකම නගර යායක් හැටියට දියුණු කරන අතරවාරයේ අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන තිබෙනවා. එදා මේ කලාපයට කීවේ සංස්කෘතික ත්‍රිකෝණය කියලා.  අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුරය පොලොන්නරුව හා ත්‍රිකුණාමලය කියන නගර තුන එක්කාසු කරලා ආර්ථික කලාපයක් බවට පත්කරලා අනාගත ශ්‍රී ලංකාවේ ජව සම්පන්නම ඉදිරිගමන හදන ස්ථානය බවට පත්කිරීමට .ඒ සඳහා මේ රජය අනුරාධපුර නගර නිර්මාණය වෙනුවෙන් රුපියල් කෝටි හත්සීයකට වඩා වැය කරනවා.ඒ වගේම අනුරාධපුර දිසුත්‍රික්කයේ සියලුම උපනගර ඉදිරි වසර පහ ඇතුළත සංවර්ධනය කරනවා. විශේසයෙන්ම නගර නිර්මාණය කරනවා කියලා පාරවල්  හදනවා කියලා හම්බන්තොට වගේ නිකරුණේ අභාවයට යන වැඩ කරන්නේ නෑ.

අපේ සංවර්ධනය පසුගිය කාලේ සංවර්ධනය වගේ නොවෙයි. ජනතාවට ආදායම් උපදවන ජනතාවගේ අතමිට සරුකරන සංවර්ධනයක්.මේ ත්‍රිකුණාමලය වරාය මුල්කරගෙන ගොඩනගන ආර්ථික ත්‍රිකෝණය බලගතුම කලාපයක් කිරීමයි අපේ ඉලක්කය.‘‘  



අදහස් (0)

අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් කරන්න යයි

ධම්ම Monday, 08 August 2016 03:05 PM

රට හරි මඟට ගමු, මග සිටින අය යට කරමු. (හේ)

:       0       0

හිරාන් Monday, 08 August 2016 10:00 AM

මෙයා කටින් බතල හිටෝනවා ආපු දා ඉදල.කරපු දෙයක් ඇත්තටම නැති තරම්. දැන් ගල් අගුරු සිද්ධියට මොකද වෙන්නේ කියල මහජනතාවට කියල හිටියනම් හොදයි අනුරපුරේ ගැන කතා කොරන්න කලින්. (බ)

:       0       0

දුමින්ද Tuesday, 09 August 2016 06:53 AM

හොඳ තීරණයක්. ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. රටට අවශ්‍ය කඩිනම් හා ඉක්මන් ප්‍රතිලාබ ලැබෙන සංවර්ධනයක්. පහුගිය කාලේ වගේ නම‍ පවතින්න කරන දේවල් නෙමෙයි (නි)

:       0       0

සත්‍යයා Monday, 08 August 2016 05:44 PM

අනුරාධපුරය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතියේ ආගමික හා සංස්කෘතික කේන්ද්‍රයක් හැටියටයි. ජනතාව බලය දුන්නේ ඔවුන්ගේ සංස්කෘතිය උදුරාගන්න හෝ ත්‍රිකෝණය අටපට්ටමක් කරන්න නොවන බවට අවබෝධ කරගත යුතුයි. (නි)

:       0       0

හේමපාල Monday, 08 August 2016 06:41 PM

අපි බලමුකෝ කරයිද කියලා (නි)

:       0       0

ගුණවර්ධන Monday, 08 August 2016 06:46 PM

ධම්මගේ කතාව හරියට හරි (නි)

:       0       0

විජේසුන්දර Monday, 08 August 2016 08:14 AM

කරන්න පුළුවන් නම් අපිත් කැමතියි (නි)

:       0       0

හිරාන් Monday, 08 August 2016 08:14 AM

මෙයාලා කටින් බතල හිටවනවා ආ දා ඉඳලා. කරපු දෙයක් ඇත්තටම නැති තරම්. දැන් ගල් අඟුරු සිද්ධියට මොකද වෙන්නේ කියලා මහජනතාවට කියලා හිටියා නම් හොඳයි අනුරපුරේ ගැන කතා කරන්න කලින්. (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 07 August 2016 05:14 PM

මම වෙන දෙයක් අහනවා. මේ කතා පැත්තකින් තියන්නකෝ. අපිට ඇත්ත කියන්න, අර රිය අනතුරට මොකද වුණේ? (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Sunday, 07 August 2016 05:27 PM

උපාය මාර්ගික නගර සංවර්දනය කියන්නේ මොකක්ද? නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

අජිත් ලාල් Sunday, 07 August 2016 07:06 AM

ප්‍රමාධ වී හෝ මෙවැනි තීන්දුවක් ගත්තාට ආණ්ඩුව ස්තුතිවන්ත වෙනවා. (ත)

:       0       0

ධම්ම Monday, 08 August 2016 02:59 PM

රට හරි මඟට ගමු, මග සිටින අය යට කරමු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 300 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site