විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකාව “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීම මෙරට තීරුබදු ව්‍යූහය ජාත්‍යන්තර තරගකරුවන්ගේ තීරුබදු ව්‍යූහය සමග සමීප කිරීමට රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
එළැඹෙන 1 වැනිදා තෙක් සාකච්ඡා මේසය විවෘත බැවින් සියයට 30 ක තීරු බද්ද තවත් අඩුකර ගැනීමට ඇමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡාවල නිරත වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. විශේෂයෙන් කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කර ගැනීමට, මිලදී ගන්නන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීමට, තිරසාර ආර්ථික වර්ධනයක් දිගුකාලීනව පවත්වාගෙන යාමට සියයට 30 ක තීරු බද්ද තවත් අඩු කර ගැනීමේ සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවද වාණිජ මණ්ඩලය පැවැසුවේය.
ඒ සඳහා උපදේශන ලබා දීමටත් සහාය ලබා දීමටත් සූදානම් බවද වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්‍යෝන්‍ය තීරු බදු අඩුකර ගැනීම රජය ගත් වැදගත් පියවරක් - ලංකා වාණිජ මණ්ඩලය