IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අද මැදියම් රැයෙන් බලගැන්වෙන ‘‘%පරාටේ’ නීතිය තවත් වසරකට අත්හිටුවන්න

2022 අගෝස්තු වන විට කර්මාන්ත 263,000 ක් සම්පූර්ණයෙන්ම වසාදමලා
ව්‍යාපාර වැටීමට හේතුව ව්‍යාපාරිකයන්ගේ දුර්වලතාවක් නොවේ 
‘පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවා ව්‍යාපාරිකයන්ට නැගිටීමට කාලය දියයුතුයි


යොහාන් භාසුර


මෙරට ව්‍යාපාර ආරක්‍ෂාකරගැනීමේ පියවරක් ලෙස මාස තුනකට අත්හිටවූ ‘පරාටේ’ නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලගැන්වෙන බවත්, ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට එම නීතිය අවම වශයෙන් තවත් වසරක කාලයකට අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත්, ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලය කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී සුසන්ත ලියනාරච්චි මහතා එසේ පැවසීය. 
‘පරාටේ නීතිය නැවත සක්‍රීයවූ වාහාම ව්‍යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස පවරාගැනීමට ඇතැම් බැංකු සූදානමින් සිටින බවත්, එම තත්වය වළක්වා ව්‍යාපාරිකයන් ආරක්‍ෂා කිරීමෙන් මෙරට ආර්ථිකය ආරක්‍ෂා කිරීමට රජය වාහාම මැදදිහත් විය යුතු බවත් ඒ මහතා කීය.
මෙරට 2018 වන විට ලියාපදිංචි කර්මාන්තකරුවන් 130,300 සිටියත්, ආර්ථිකය කඩාවැටීමත් සමග කර්මාන්ත කඩා වැටීමෙන් 2022 වසර වන විට පැවැති කර්මාන්ත 1017,000 න් එම අගෝස්තු මස වන විට කර්මාන්ත 263,000 ක් සම්පූර්ණයෙන්ම වසාදමා තිබූ බවත් ඉන් පසුව එම ව්‍යාපාරවල දේපළ පවරාගැනීමට බැංකු කටයුතු කළ බවත් ඒ මහතා කීය.
ව්‍යාපාර වැටීමට හේතුව ව්‍යාපාරිකයන්ගේ දුර්වලතාවක් නොවන බවත් රටේ ආර්ථිකය කඩාවැටීම ව්‍යාපාර කඩාවැටීම හේතුව වීම නිසා බැංකුවලට දේපළ පවරාගැනීමට මාර්ග පාදා ඇති ‘පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවා ව්‍යාපාරිකයන්ට නැගිටීමට කාලය දියයුතු බව කී ඒ මහතා බැංකු අනීතික ලෙස දේපළ පවරාගැනීමට පැමිණිය හොත් නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
‘පරාටේ පනත මෙරට රාජ්‍ය බැංකු ආරක්‍ෂා කරගැනීමට සම්මත කළ නීතියක් වුවද, එම නීතිය මේ වන විට පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතනවලට ද ආදේශ කර ඇති බවත් එම බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල ගන්නා තීරණයකින් රටේ ආර්ථිකයේ දැවැන්ත කොටස්කරුවන් වන ව්‍යාපාරිකයන්ගේ දේපළ පවරා ගැනීමට නිර්දේශ කිරීම අසාධාරණ බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ සාමාජිකයෝ සඳහන් කළහ.
ඇතැම් බැංකු මේ වන විටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ වරගෙන ඇති බවත්, එසේ වුවහොත් ව්‍යාපාරිකයන්ට මහ මගට බැසීමට සිදුවන බව ද එම මණ්ඩලයේ සාමාජිකයෝ කියති.

 



අදහස් (0)

අද මැදියම් රැයෙන් බලගැන්වෙන ‘‘%පරාටේ’ නීතිය තවත් වසරකට අත්හිටුවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site