
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා විශේෂිත වැඩසටහනක් පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදි.
මෙම වැඩසටහනට අපනයන වෙළෙඳපොළට ඇතුළුවීමේ හැකියාව පෙන්වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 100 ක් එක් වූ අතර ඔවුන්ගේ දැනුම සහ ධාරිතාව වැඩි දියුණු කිරීම මූලික අරමුණ විය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් - සංවර්ධන (වැඩ බලන) කුමුදුනී මුදලිගේ මහත්මිය විසින් මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලාංකික අත්කම්, තෑගි භාණ්ඩ, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන අංශය අපගේ අපනයන වර්ධනයට පමණක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ශක්තිමත් කිරීමටද වැදගත් දායකත්වයක් ලබා දෙන බවයි.
Art Decoration International (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ S.H.B. කරුණාරත්න මහතා විසින් තම කර්මාන්ත අත්දැකීම් සහ සාර්ථකත්ව කතාව සහභාගිවන්නන් සමග බෙදා ගත් අතර එය වැඩසටහනේ විශේෂ අංගයක් විය. වැඩසටහනේදී අපනයන ව්‍යාපාරයේ ප්‍රධාන අංශ ආවරණය වන විශේෂ තාක්ෂණික සැසි හතරක් පවත්වන ලදී. මංගලා මධුවන්ති මහත්මිය (අපනයන සංවර්ධන නිලධාරි, කාර්මික නිෂ්පාදන අංශය,) කර්මාන්තය සහ අපනයන අවස්ථා පිළිබඳ සමාලෝචනය ඉදිරිපත් කළ අතර, Printcare (Pvt) Ltd ආයතනයේ වෙළෙඳ හා අලෙවි කළමනාකාර බුද්ධික ආරච්චිගේ මහතා ඇසුරුම් විසඳුම් පිළිබඳ අදහස් ඉදිරිපත් කළහ. ලහිරු විපුලගුණ මහතා (සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ අංශය) තොරතුරු තාක්ෂණ විසඳුම් සහ ඊ-අලෙවිකරණ උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කළ අතර, අසංක පෙරේරා මහතා (සාමාන්‍යාධිකාරී, Global Consolidators Lanka (Pvt) Ltd) ඒකාබද්ධ ප්‍රවාහන සේවා පිළිබඳ විස්තර කළේය.
මෙම වැඩසටහන අපනයන වෙළෙඳපොළට පිවිසීමට බලාපොරොත්තුවන ව්‍යවසායකයන්ට අවශ්‍ය මූලික දැනුම හා අවබෝධය ලබා දීමට ගුණාත්මක වශයෙන් දායක විය. මෙය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය වීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන පදනම වැඩිදියුණු කළ නිෂ්පාදන කර්මාන්ත අංශයන් තුළ ව්‍යාප්ත කිරීමටත් අපනයන සංවර්ධන මණ්ඩලයෙහි නිරන්තර කැපවීම පිළිබිඹු කරයි.
මෙම අවස්ථාවට කාර්මික නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂ මනෝජා දිසානායක මහත්මිය, වෙළෙඳ පහසුකම් සහ වෙළෙඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය එස්.යූ. රත්නසේකර මහතා සහ අනෙකුත් නිලධාරීහු ද එක්ව සිටියහ.
2025 ඔක්තෝබර් මස 08
1584
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ ව්‍යවසායකයන්ගේ ධාරිතා සංවර්ධනයට වැඩසටහනක්