IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 7.9ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත අගෝස්තු මාසයේදී සියයට 7.9ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
 
මේ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය මේ වසරේ ජූලි මාසයේදී සියයට 6.3ක්ව පැවැති අතර එය අගෝස්තු මාසයේදී සියයට 1.6කින් සියයට 7.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
අගෝස්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක වී ඇත.  

මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මේ වසරේ ජූලි මාසයේ වාර්තා වූ දර්ශක අංක 122.4 සිට අගෝස්තු මාසයේදී දර්ශක 122.3ක් දක්වා පහළ ගොස් තිබේ. 
 
ආහාර කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් පහළ යෑම මෙම මාසික පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන අතර ආහාර කාණ්ඩය තුළ එළවළු, රතුලුණු, සුදු ලුණු, මාළු සහ සහල් මිල ගණන් මාසය තුළ දී පහළ ගොස් ඇති බව ද මහ බැංකුව සඳහන් කරයි. එමෙන්ම ලොකු ලුණු, ඇතැම් පළතුරු වර්ග, පොල් සහ අර්තාපල්වල මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
 
රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, සෞඛ්‍ය (පුද්ගලික රෝහල් කාමර ගාස්තු), ප්‍රවාහන (ගුවන් සේවා ගාස්තු), අධ්‍යාපන (වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ගාස්තු) සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩවල මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. 
 
මේ වසරේ අගෝස්තු මාසයේදී නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන සහ සන්නිවේදන උප කාණ්ඩවල මිල ගණන් ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. මධ්‍යසාර පාන හා දුම්කොළ (පුවක්) උපකාණ්ඩවල ඇතුළත් අයිතමවල මිල ගණන් ද පසුගිය මාසයේදී ඉහළ ගොස් තිබෙන අතර විනෝදාත්මක හා සංස්කෘතික, ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩවල මිල ගණන් මාසය තුළ දී නොවෙනස්ව වී ඇත. 
 
ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ ජූලි මාසයේදී පැවැති සියයට 4.2ක සිට අගෝස්තු මාසයේදී සියයට 4.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ජූලි මාසයේදී සියයට 5.9ක් වූ අතර එය අගෝස්තු මාසයේදී සියයට 5.8ක් දක්වා පහළ ගිය බවද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි. 

(055)



අදහස් (1)

අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 7.9ක් දක්වා ඉහළට

waruna Tuesday, 26 September 2017 07:05 AM

ඉක්මනින්ම උද්ධමනය තවත් ඉහල අගයකට ගෙන්න පුළුවන් වේවී කියල හිතනවා.

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site