IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අඛණ්ඩව පස්වැනි මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක්

  • වසරේ පළමු මාස පහේදී  ජංගම ගිණුමේ ශේෂය  ඩොලර් මිලියන 1307.5 ක්
  • මැයි මාසයේදී ජංගම ගිණුමේ  ශේෂය ඩොලර් මිලියන 190.6 ක්2024 වසරේ මැයි මාසයට  සාපේක්ෂව  සියයට 29 ක වර්ධනයක්
  • වෙළෙඳ භාණ්ඩ ගිණුමේ  හිඟය ඩොලර් මිලියන 472.5 ක් දක්වා පුළුල් වෙලා
  • පළමු මාස පහේදී වෙළෙඳ  භාණ්ඩ ගිණුමේ හිඟය  ඩොලර් මිලියන 2729.6 ක්
  • මැයි මාසයේදී වාහන ආනයන  වියදම ඩොලර් මිලියන 118 ක්.  පළමු මාස පහේදී වාහන  ආනයනයට ඩොලර්  මිලියන 312 ක් වැය වෙලා
  • වෙළෙඳ භාණ්ඩ අපනයන  ආදායම ඩොලර් මිලියන  1,034.7 ක්. වෙළෙඳ  භාණ්ඩ ආනයන වියදම  ඩොලර් මිලියන 1,507.2 ක්
 
විමුක්ති එස්. රුද්‍රිගු
අඛණ්ඩව පස්වැනි මාසයට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරමින් පසුගිය මැයි මාසයේදී මෙරට විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය මැයි මාසයේදී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 190.6 ක් ලෙස සටහන් වන බවත්, එය 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 29 ක වර්ධනයක් බවත් මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ. 2024 වසරේ මැයි මාසයේදී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 147.7 ක් විය.
මෙම වසරේ පළමු මාස 5 තුළ ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 1307.5 ක් වන අතර එය පසුගිය වසරේ පළමු මාස 5 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 951.3 ක ජංගම ගිණුමේ ශේෂයට සාපේක්ෂව සියයට 37.5 ක ඉහළ යාමකි.
කෙසේ නමුත් වෙළෙඳ භාණ්ඩ අපනයන වර්ධනයට සාපේක්ෂව ආනයන වර්ධනය වීම පිළිබිඹු කරමින් මෙරට වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය මැයි මාසයේදී පුළුල් වී තිබෙන බවද මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 472.5 ක් වූ අතර 2024 වසරේ මැයි මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 393.3 ක් විය.
මෙම වසරේ පළමු මාස 5 ක කාලය තුළදී මෙරට වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 2729.6 ක් වන අතර 2024 වසරේ පළමු මාස 5 දී මෙරට වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 2170.4 ක් වූවේය.
 
පෞද්ගලික මෝටර් රථ සහ වාණිජ කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම පසුගිය මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 118 ක් බවත්, ඒ අනුව මෙම වසරේ පළමු මාස 5 තුළදී වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 312 ක මුදලක් වැය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.
පසුගිය මැයි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,034.7 ක් බවත්, එය 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 2.3 ක අපනයන ආදායමේ වර්ධනයක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. 2024 වසරේ මැයි මාසයේදී මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,011.3 ක් විය.
එසේම මෙම වසරේ පළමු මාස 5 තුළ මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 5,350.5 ක් වන අතර එය පසුගිය වසරේ පළමු මාස 5 අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 5,067.4 ට සාපේක්ෂව සියයට 5.6 ක වර්ධනයකි.
පසුගිය මැයි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,507.2 ක් වන අතර එය 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 7.3 ක ආනයන වියදමේ වර්ධනයකි. 2024 වසරේ මැයි මාසයේදී මෙරට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,404.6 ක් විය.
එසේම මෙම වසරේ පළමු මාස 5 තුළ මෙරට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 8,080.1 ක් වූ අතර එය 2024 වසරේ පළමු මාස 5 සමග සසඳන විට සියයට 11.6 ක ආනයන වියදමේ වර්ධනයකි.
අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ඉහළ ගිය බැවින් පසුගිය මැයි මාසය තුළදී වෙළෙඳ මිල අනුපාතය ඉහළ ගියේය.
මෙම වසරේ පළමු මාස 5 තුළදී එක්සත් ජනපදය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය ප්‍රමුඛ අපනයන ගමනාන්ත ලෙස පැවැතුණු බවත් චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රමුඛ ආනයන ගමනාන්ත බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.
පසුගිය මැයි මාසයේදී මෙරට සේවා අංශය වෙත වූ ශුද්ධ ලැබීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 242 ක් ලෙස සටහන් වන බවත්, 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 6.4 ක පහළ යාමක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. 2024 වසරේ මැයි මාසයේ සේවා අංශය වෙත වූ ශුද්ධ ලැබීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 227 ක් විය.
එසේම මෙම වසරේ පළමු මාස හයේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.5 කින් අවප්‍රමාණය වී ඇත.



අදහස් (0)

අඛණ්ඩව පස්වැනි මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1969 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site