IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


මහජනතාවට බරක් නොවන අයවැයක් සකසන්න පරිස්සම් වුණා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජයේ අයවැය ලේඛනය (2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත) දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (12) පස්වරු 2.00 ආරම්භ කිරීමට නියමිතය බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැයයි.

මෙම පනත් කෙටුම්පත මුදල් ඇමතිවරයා විසින් පසුගිය මස 07 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29 දින ගැසට් පත්‍රයේ පළ කෙරිණ.

මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතළිස් හය මිලියන පන්සිය පනස් අටදහසක් වන ආණ්ඩුවේ වියදම්වලට අදාල පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ.

 



අදහස් (13)

මහජනතාවට බරක් නොවන අයවැයක් සකසන්න පරිස්සම් වුණා

Somavathi Friday, 12 November 2021 12:04 PM

අවුරුදු 70 වක් මේවා පෙන්නුවා.... දැන් අපිට කන්ඩත් නැහැ... ඔයාල ගහලා මොක්කක් හරි ඉතුරුවෙලා තිබ්බොත්... විකුනන්න.

:       0       4

ජගත් ලියනගේ Friday, 12 November 2021 12:33 PM

අපිත් ඊයේ ලෑස්ති උනා . අත්‍යාවශ්‍ය බඩු ටිකක් ගත්තා . පෙට්‍ර්රල් ටැංකිය එහෙමත් ෆුල්.

:       0       4

Mahinda weéasinghe Friday, 12 November 2021 02:09 PM

වෙලද පොලට උවමනා ද්‍රව්‍ය සැපයිමට රජය. අපොහොසත් උදාහරණයක් රටට ‌උවමනා අල, තක්කාලි, ලික්ස්, ගොවා, ඇතුලු එලවළු අවුරුද්දකට උවමනා ප්‍රමානය දැනගෙන වගාකිරිමට කටයුතු කිරිමට කෘෂිකර්ම අමාත්‍ය අංශයෙ ප්‍රධාන කාර්යභාරයක් ප්‍රමානයට වැඩිය එලවළු වෙලද පොලට පැමිනියාම මිල බැසිමෙන් ගොවියා අමාරුවෙ වැටෙනවා.

:       0       31

Jayanath Friday, 12 November 2021 02:13 PM

අපේ රටේ ආර්ථික ඔස්තාර්ලගෙ කුණු කතා ගොඩක් අහන්න පුලුවන් වෙයි ඕකෙන් පස්සෙ.

:       1       21

අභි Friday, 12 November 2021 03:27 PM

අයියලා මල්ලිලා රට කනවා හැමදාම. මහල්ලෝ හිටියා ඇති පේනවා නේද ක්‍රියාශිලි මිනිස්සු ඕන කියලා හිටගෙන ඉන්න පන නෑ. තව කොහෙද රටක් කරන්නේ පැය කිපයක් හිටගෙන අයවැය කියවගන්න බෑ අලුත් වෙනසක් කරන්න ඕන තරුණපෙළක් හදන්න ඕන කියන්නේ එකනේ.... අපේ රට කෑවා ඇති.

:       0       31

ganegoda Friday, 12 November 2021 04:45 PM

මෙතන සඳහන් කරපු කිසි දෙයක් තාම පාර්ලිමේන්තුවෙන් නීති ගතකරලා නැත.

:       0       0

lalith Friday, 12 November 2021 05:17 PM

ඔච්චර ගැම්මක් තියෙනවානම් ඔය හැම පොරොන්දුවක්ම හෙට ඉඳලා ක්‍රියාත්මක කරන්නකෝ.

:       0       0

kota gune Friday, 12 November 2021 07:32 PM

ඔය කියපු හොඳ වැඩවලින් 1% 2% ක් ඉටු කලත් අපි යලි පොහොට්ටුවට තමයි. කියන ඒවා තරම් සුන්දර නැහැ කරන ඒවා.

:       0       0

Pamidu Friday, 12 November 2021 07:41 PM

ඒක හොඳයි.

:       0       0

සෙනවි Saturday, 13 November 2021 03:19 AM

මට නං පේන්නෙ මේක පක්ශයක ප්‍රතිපත්ති විකාශනයක් වගෙයි. ගැබිනියන්ට දෙනවාය කියූ සහන මල්ල කො.

:       0       12

lakvidu Sunday, 14 November 2021 09:05 AM

මේ ගොඩක් දේවල් කරන විදිය කියල නැති නිසා මට බරක් වෙනුවට බයක් දැනුනා. ඔයාලටත් එහෙමද?

:       0       13

රෙක්ස් Sunday, 14 November 2021 10:50 AM

මටනං පොඩි බරක් වගේ දැනුනා....!

:       0       12

uddika Monday, 15 November 2021 07:41 AM

උපාධිදාරීන්ට උගන්වලා රස්සාවත් දෙන්න ? එච්චර තොගයක් ඉඳලත් ඇයි රාජ්‍ය සේවය මෙච්චර කම්මැලි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

budget

අපි සැම එක්ව රට ගොඩනඟමු
2025 පෙබරවාරි මස 17 790 0

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. (වාර්තා කළේ: අංජුල මහික


අයවැය 2024
2023 නොවැම්බර් මස 13 78 0

78 වැනි අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මු


අය වැය පාර්ලිමේන්තුවට
2022 නොවැම්බර් මස 14 3718 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.



2021 අයවැය යෝජනා
2020 නොවැම්බර් මස 17 23105 4

පාර්ලිමේන්තුව නොවැම්බර් 18 වැනි දා පුර්ව භාග 9.30 වන තෙක් කල් තැබේ.


test 2020
2020 නොවැම්බර් මස 11 72 0

2020 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට ම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1106 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1456 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site