IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික ශිෂ්‍ය භට සම්මාන ප්‍රදානෝත්සවය

(මනෝප්‍රිය ගුණසේකර)

ජාතික ශිෂ්‍යභට බළකායේ 07 වැනි බලඇණීය  සංවිධානය කරන ලද 2022 ශිෂ්‍යභට දක්‍ෂතා හා සේවා ඇගැයීමේ සම්මාන ප්‍රද්‍රානෝත්සවයේදී දක්‍ෂතම ශිෂ්‍යභටවිය ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සැරයන් එම්.පී.ටී. ගුණවර්ධන ශිෂ්‍යාව ද දක්‍ෂතම ශිෂ්‍යභටයා ලෙස කදාන ද මැසිනොද් විද්‍යාලයේ සැරයන් ඩබ්ලිව්.එස්.එම්. ප්‍රනාන්දු ශිෂ්‍යා ද  සම්මාන ලැබුහ.

ශිෂ්‍යභට දක්‍ෂතා හා සේවා ඇගැයීම සඳහා වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු ජාතික ශිෂ්‍යභට බළකායේ බස්නාහිර පළාත් හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් ජී.ඩී.ආර්. සරත්චන්ද්‍ර වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සමීර සෝමරත්න සහ යොවුන් සේනාංක බස්නාහිර පළාත් අධ්‍යක්‍ෂක කර්නල් එල්.පි මෙන්ඩිස් යන මහත්වරුන්ගෙන් ඔව්හු එලෙස සම්මාන ලැබුහ.

මෙම උත්සවයේදී ශිෂ්‍යභට ඛණ්ඩබාර ගුරු මහත්ම මහත්මීන්ද ශිෂ්‍යභට නිත්‍ය කාර්‍ය මණ්ඩලයේ උපදේශකයන් වශයෙන් කටයුතු කරන යුධ, නාවික සහ පොලිස් නිලධාරීන් සඳහා සේවා ඇගයීමේ සහතික පත් මෙන්ම ජාතික ශිෂ්‍යභට තරඟාවලියේ පෞද්ගලික දක්‍ෂතා දක්වන ලද ශිෂ්‍යභට බාලක බාලිකාවන්ට සහතික පත්ද බේදා දුන්හ.

 



අදහස් (0)

ජාතික ශිෂ්‍ය භට සම්මාන ප්‍රදානෝත්සවය

ඔබේ අදහස් එවන්න

Ape School

බාල දක්ෂිකා ජාත්‍යාන්තර කඳවුරක් අගෝස්තුවේ
2024 අප්‍රේල් මස 09 86 0

ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමය තරුණ නායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් සිලොනා 2024 නමින් ජාත්‍යන්තර කඳවුරක් පැවැත්වීමට තීරණය කර ඇත.


ශ්‍රී ඥානෝදයේ පාපැදි ඉසව්ව
2024 අප්‍රේල් මස 01 83 0

දිවුලපිටිය ශ්‍රී ඥානෝදයේ මධ්‍ය මහා විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට නිවාසන්තර ක්‍රීඩා තරගාවලියට සමගාමීව පාපැදි තරග ඉසව්වක් අද (1) පවත්වනු ලැබීය.


’’රද විදු අභිමන්’’
2024 මාර්තු මස 20 155 0

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ පසළොස් වස් සැමරුම ’’රද විදු අභිමන්’’ නමින් මාර්තු 20 වැනිදා සිට 24 වැනිදා දක්


ධීරානන්දයේ කලා මංගල්‍යය
2024 මාර්තු මස 18 202 0

මහනුවර පිළිමතලාව හැරමිටිගල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ 8 වැනි කලා මංගල්‍යය ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලැත්තෙන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා එම විද


ජනපති නිල් මහ සටනට
2024 මාර්තු මස 08 3159 4

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමස


මියුසියස් විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව ‘ද ආබෲ’ නිවාසයට
2024 මාර්තු මස 06 318 1

කොළඹ මියුසියස් විදුහලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව ‘ද ආබෲ’ නිවාසය දිනාගත් අතර අනු ශූරතාව ‘හිගින්ස්’ නිවාසයට හිමිවිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1466 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site