IMG-LOGO

‘සිංහරාජ’ කොවුල් නාද පතුරයි

දක්ෂතම ගායනය (ප්‍රථම ස්ථානය) එම්. එල්. ගාවින්දි යන්සිකා සිසුවිය - කොලොන්න කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුජිත් ප්‍රියන්ත මහතා අතින් ත්‍යාග සහ කුසලාන ලබාගත් අවස්තාව.

 


ඇඹිලිපිටිය කලාපයේ කොලොන්න කොට්ඨාශයට අයත් ඉත්තෑකන්ද සිංහරාජ මහා විද්‍යාලයේ  ප්‍රථමික අංශයේ   සංගීත තරගාවලික් පසුගියදා පැවැත්විණි.

ප්‍රාථමික ශ්‍රේණි විෂය නිර්දේශයට අයත් ගීත වලට ප්‍රමුඛතාවය දෙමින් ‘සිංහරාජ කොවුල් නාද 2023’ නමින් සංගීත තරගාවලිය පවැත්විණි.

එයට සමගාමීව නැටුම් තරග හා චිත්‍ර තරගද සංවිධානය කර තිබිණි.

පාසලේ ප්‍රාථමික අංශ බාර සංඛ ප්‍රේමනාත් ගුරු මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ දී දක්ෂතම ගායනය පළමු, දෙවැනි සහ තෙවැනි ලෙස සහ ජනප්‍රියම ගායනය ආදි ලෙස තෝරා ගැණිනි.

මාස 3ක පමණ කාලයක් තේරීම් කටයුතු වලින් අනතුරුව අවසන් තරගයට 15ක් සුදුසුකම් ලබා තිබිණි.

තරගාවලියේ  දක්ෂතම ගායනය එම්. එල්. ගාවින්දි යන්සිකා   ශිෂ්‍යාවත් දෙවන ස්ථානය  කේ. දිදුල දුලක්ෂන   ශිෂ්‍යාත් තෙවන ස්ථානය එච්. කේ. නිම්සර සිතුම් ශිෂ්‍යාත් දිනා ගත්හ.

ත්‍යාග හා කුසලාන ප්‍රදානය විදුහල්පති මෛත්‍රිපාල වෙත්තසිංහ මහතා සහ චිත්‍ර විෂය ආචාරීණි රෝහිණි මල්කාන්ති මහත්මිය හා ආරාධිත අමුත්තන් අතින් සිදු කළහ.

 

අවසාන තරඟයේ ජයග්‍රාහකයින් පස් දෙනා පිළිවෙලින් වමේ සිට කේ. දිදුල දුලක්ෂන, එච්. කේ. නිම්සර සිතුම්, ඩී. එම්. අයේශා සෙව්මිණි, එම්. එල්. ගාවින්දි යන්සිකා, එල්. ඩී. විශ්මි උත්තරා



අදහස් (0)

‘සිංහරාජ’ කොවුල් නාද පතුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 339 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 261 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site