IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිළධාරී ලෙස අශීෂ් චන්ද්‍රා පත් වෙයි

එයාර්ටෙල් ලංකා සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස අශීෂ් චන්ද්‍රා මහතා පත් කර ඇති බව පසුගියදා එම සමාගම නිවේදනය කළේය. ඉහළ තාක්ෂණික ජාලයක් සහ නවීනතම ඩිජිටල් වේදිකාවන් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ එයාර්ටෙල් හි වර්ධනය වේගවත් කිරීමට ඔහුගේ නව භූමිකාව තුළින් අශීෂ් මහතාට හැකි වනු ඇති බව සමාගම සඳහන් කරයි.

මෙම නව පත් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වන භාරතී එයාර්ටෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී, (ඉන්දියාව සහ දකුණු ආසියාව) ගෝපාල් විටාල් මහතා, ”අනාගත වර්ධනය සඳහා ශක්තිමත් වේදිකාවක් ගොඩනගා ඇති එයාර්ටෙල් ලංකා සමාගමට අශීෂ් මහතා පිළිගැනීමට ලැබීම අපට සතුටක්. ලෝක මට්ටමේ සේවාවන් තුළින් පාරිභෝගිකයින් සතුටට පත් කිරීම යන එයාර්ටෙල් හි දැක්මට අශීෂ් මහතා සතු අත්දැකීම් වැඩි වටිනාකමක් එක් කරනු ඇතැයි මට විශ්වාසයි. ඒ අනුව, ඉදිරි මාස කිහිපයේදී එයාර්ටෙල් වෙතින් පාරිභෝගිකයින්ට ආකර්ෂණීය නවෝත්පාදන රැසක්ම අත්දැකීමට අවස්ථාව හිමි වේවි. අශීෂ් සහ ඔහුගේ කණ්ඩායම වෙත සුභ අනාගතයක් පතනවා.” යනුවෙන් පැවසුවේය.

අශීෂ් මහතාට ඉන්දීය දුරකතන සන්නිවේදන ක්ෂේත‍්‍රය තුළ දශක දෙකකට අධික අත්දැකීම් සම්භාරයක් ඇත. මීට ඉහතදී, ඔහු ඉන්දියාවේ ඉහළම දුරකතන සන්නිවේදන සමාගම් කිහිපයකම විවිධ නායකත්ව භූමිකාවන් හි සේවය කොට ඇත. එයාර්ටෙල් ලංකා වෙත සම්බන්ධ වීමට පෙර ඔහු වොඩැෆෝන් අයිඩියා සමාගමේ (Vodafone Idea Limited) (උත්තර් ප‍්‍රදේශ් සහ උත්තර්ඛන්ඞ්) සඳහා ව්‍යාපාර ප‍්‍රධානී සහ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

ඉන්දියාවේ මැල්වියා ජාතික තාක්ෂණික ආයතනයේ කාර්මික ඉංජිනේරු උපාධියක් හිමි අශීෂ් චන්ද්‍රා මහතා කළමනාකරණය පිළිබඳ පොඩාර් ආයතනයෙන් සිය MBA උපාධිය ලබා ගත්තේය.

භාරතී එයාර්ටෙල් ලංකා සමාගම

2009 ජනවාරි 12 වැනි දින ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ භාරතී එයාර්ටෙල් ලංකා, ග‍්‍රාහකයින් මිලියන 01ක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. වර්ෂ තුනක් වැනි කාලසීමාවක් තුළ සිය ශ්‍රේණිගතවීම ඉහළ නංවාගත් එයාර්ටෙල් සමාගම රට පුරාම සිය ආවරණය පුළුල් කරගනිමින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම සන්නිවේදන සේවා ජාලය බවට පත්විය. වර්තමානයේදී එයාර්ටෙල් සමාගම උසස් තත්ත්වයේ සහ සාධාරණ මිල ගණන් යටතේ හ`ඩ සහ දත්ත සේවාවන් ලබා දෙන අතර, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ලියාපදිංචි වෙමින් මෙරට වඩාත් වේගවත් හා පුළුල් ආවරණයක් හිමි ජංගම විදුලි සංදේශ සේවා සමාගමක් බවට පත්ව තිබේ. වැඩි විස්තර ස`දහා www.airtel.lk වෙත පිවිසෙන්න.

 



අදහස් (1)

එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිළධාරී ලෙස අශීෂ් චන්ද්‍රා පත් වෙයි

Sanju Wednesday, 10 November 2021 02:54 PM

අරයා මෙයා මාරු කරගෙන ආතල් දෙන්න .අප සිග්නල් නෑ කියලා එයාටෙල් එකේ දාලා තියන පැමිණිලි හරියට බලලා සිග්නල් හදන්න බැරි එයාටෙල් අරයා මෙයා මාරු කරාට පාරිභෝගිකයින් වන අපිට මොනාද හමිබු වෙන්නෙ. සිග්නල් නෑ .ඒක හදහල්ලා ඉස්සල්ලාම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 242 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site