රුසියාවේ සංචාරයකට පැමිණ සිටින ෆේස්බුක් වෙබ් ජාලයේ නිර්මාතෘ ඇමෙරිකානු ජාතික මාර්ක් සකර්බර්ග් ඊයේ (2) රුසියානු අගමැති දිමිති‍්‍ර මෙඞ්වදේව් හමුවූයේය.
28 හැවිරිදි සකර්බර්ග්, රුසියාවේ සංචාරය කරන්නේ ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙනි.
මිලියන 5 ක පිරිසක් භාවිතා කරන ෆේස්බුක් හිතමිතුරු වෙබ් ජාලය රුසියාවේ ජනපි‍්‍රය නොවේ.
ඊට හේතුව රුසියානු බසින් රුසියානුවන් විසින් නිර්මාණය කළ ‘විකොන්තැක්ටේ’ නමැති හිතමිතුරු වෙබ් ජාලයක් රුසියාවේ කි‍්‍රයාත්මක වීමය.
‘විකොන්තැක්ටේ’ නිර්මාතෘ මොස්කව් නුවර රුසියානු ජාතික තරුණයකු වන පවෙල් දුරෝව්ය. 27 හැවිරිදි ඔහු ‘රුසියාවේ සකර්බර්ක්’ ලෙස ප්රකටය. පවෙල් සහ සකර්බර්ග් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස් බුක් වලට සී.අයි.ඒ. සම්බන්ධයි කියන්නේ ඇත්තද? (නි)
අපේ රටටත් ඉක්මණටම එන්න. මොකද මෙහෙත් ඉන්නවා එක එක ජාතියේ නිර්මාතෘවරු. ඔවුන් ජාති භේද, ආගම් භේද ඇති කරනවා. තව ඔවුන් හදන්නේ නැවතත් යුද්ධයක් ඇති කරන්න. අනේ ඉක්මනට එන්න මහත්තයෝ. (නි)
ලෝකෙම කෙල්ලෝ කොල්ලෝ විනාශ වුණේ ඕක හින්දා තමයි. (නි)
ඉතා හොද හමුවක්. මෙවන් අන්තර්ජාතික සම්බන්ධතා වැඩිදියුණු වියයුතුයි. (නි)
මුහුණු පොත නම් එපා
අනේ සකර්බර්ග් මහත්තයෝ ඉක්මනටම ලන්කාවටත් එන්න. අපිට තව මොනවහරි ජරාව ටිකක් මේ අහිංසකයන්ට උගන්වලා යන්න. මොකද අපේ රටට දෑන් අඩු ඔය වගේ ජරාව ටිකක් තමයි. (ස)