ලොව පුරා අතිශය ජනප්රිය ෆේස්බුක් වෙබ් අඩවියයේ ප්රචාරය වන දේවල් සඳහා ‘අකමැත්ත‘ (ඩිස්ලයික් ) ප්රකාශ කිරීම සඳහා ඩිස්ලයික් බොත්තමක් අලුතින් හඳුන්වා දී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කැලිෆෝනියා ප්රාන්තයේ මෙන්ලෝහි පැවැති ප්රශ්නෝත්තර වැඩසටහනකට එක්වෙමින් මේ බව ප්රකාශ කළේය.
මෙතෙක් කලක් ෆේස්බුක් අඩවියේ ‘ලයික්‘ බොත්තම මගින් කැමැත්ත ප්රකාශ කිරීමට හා තමාගේ අදහස් දැක්වීමට කොමෙන්ට්ස් බොක්ස් එකක් තිබුණි. ඊට අමතරව අකමැත්ත දැක්වීමට මෙසේ අලුතින් ඩිස්ලයික් බොත්තමක් හඳුන්වා දී ඇත.
වසර ගණනක සිට බොහෝ පිරිසක් මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ බවත් සකර්බර්ග් පවසා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ප්රතික්ෂේප කරනවා. (අ)
ධනුෂ්කා ,කාවද ප්රතිෂේප කරන්නේ? (නි)
ධනුෂ්ක ප්රතික්ෂේප කරන්නේ අලුත් බොත්තමද? (නි)
දැන් පුලුවන් ලංකාවේ දේශපාලනය ගැන දාන මෝඩ ෆේස්බුක් පෝස්ට් වලට ඩිස්ලයික් කරන්න.(හේ)
කැමති -අකමැති මොනවා වුනත් මෙතන තියෙන්නේ වෙළදාමක් (හේ)
ඕක විතරයි අඩුවෙලා තිබුනේ (නි)
එහෙනම් දැන් අපිට පුළුවන් අකමැත්ත ප්රකාශ කරන්න (නි)
ඇත්තටම ඒක හොඳයි (නි)
අපිටත් පුළුවන්නේ අපේ වෙබ් අඩවි වලට කැමති , අකමැති සලකුණු හඳුන්වාදෙන්න. (නි)
ලංකාවේ ඡන්ද වලටත් මේ ක්රමය හඳුන්වා දෙන්න බැරිද? මනාප සහ අමනාප ලෙස (නි)