ඇමරිකාවේ ජනපතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සටනින් ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන අපේක්ෂකයෝ ප්‍රධාන ප්‍රාන්ත 5ක ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටිති.
ඊසාන දිග ඇමරිකාව, පෙන්සිල්වේනියාව යන ප්රදේශයන්ද ඊට ඇතුළත්ය. අඟහරුවාදා පැවැති ජනපති අපේක්ෂකයන් තෝරන ඡන්ද විමසීමේදී එම ප්‍රාන්තවල වැසියෝ උනන්දුවෙන් ඡන්දය භාවිතා කළ බව කියති.
ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඇගේ ප්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස්ට වඩා ඉදිරියෙන් සිටින බව නවතම වාර්ති පවසයි.
ඇමරිකාවේ පළමු පුරවැසියා වීම සඳහා ඇය තැබූ දැවැන්ත පියවරක් ලෙස මෙය සඳහන් කළ හැකි බව මාධ්‍ය වාර්තා කියයි.
රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ද සිය ජයග්‍රහණය තහවුරු කරගනිමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ට ජය වේවා..... ශක්තිමත් ජනාධීපති කෙනෙක් ඕන (ම)
හිලරි ට ජය වේවා ... හිලරි අවොත් යේ ත්රස්තවාදීන්ට හැංගෙන්න තැන නැතිවෙයි (ම)
ලෝකෙට පහල වෙන මුස්ලිම් ත්රස්තවාදීන්ට විරුද්ධව කෙලින් කතා කරන එකම මිනිහා.(කෞ)
නුවන්,බලාගෙන ඉන්න හිලරි ත්‍රස්තවාදය නැති කරයි ඔන්න කියල! (බ)
ට්‍රම්ප් ජය ගතයුතුයි මෙය මොකද හිලරි කියන්නේ කොටි ත්රස්තවාදීන්ට විශාල ලෙස උදව් කරපු ගැහැනියක්.අනික තමන්ගේ පවුල හදාගන්න බැරුව කොහොමද මෙයා රටක් හදන්නේ.ට්‍රම්ප් ට ජය වේවා..... ශක්තිමත් ජනාධීපති කෙනෙක් ඕන (බ)
උපුල් එක්ක මාත් එකගයි. හිලරි අවොත් අපිට යන එන මන් නැති වෙනවා. ට්‍රම්ප් කියන්නේ ජාතික වාදියෙක්. එනිසා අපේ නිදහසට රටේ ඒකීයත්වයට ගරු කරයි. ඔහු ත්‍රස්තයා ත්‍රස්තයා ලෙසින්ම දකියි.(බ)
ට්‍රම්ප් ජය ගතයුතුයි... ලෝක සාමය හා ස්ථාවරත්වය මෙන්ම ස්ථාවර ලෝක අනාගතයක් සදහා ට්‍රම්ප් ජය ගත යුතුමයි. (ර)
උපුල් ඔයා හරි.... (ර)
අනිවාර්යෙන් ට්‍රම්ප් දිනනවා (බ)
අපේ රටේ ජනාධිපති ගැන කියල වැඩක් නැහැ , කරුමයක් රටට පල දුන්න, අපි හිතුවේ හොදක් වේවි කියල. (බ)