ඇමරිකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ හා ලෝකයේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයින් නැවත මුණගැස්වීමේ අරමුණින් සංවිධානය කළ ඕල් ස්ටාර් 20 - 20 ක්‍රිකට් තරගාවලිය සෙනසුරාදා (7) නිව්යෝක් කුයින් සිටිෆල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ සුපිරි ක්‍රිකට් තරු 3ක් වූ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා මුත්තයියා මුරලිදරන් එම තරගාවලියට එක්වූ අතර සචින්ස් බ්ලාස්ටර් හා ශේන් වෝන්ස් වොරියර්ස් යන කණ්ඩායම් දෙක තරග වැදුණි.
ඉන්දීය සුපිරි තරුවක් වූ සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුතුව තරග කළ බ්ලාස්ටර් කණ්ඩායමට මහේල ජයවර්ධන හා මුරලිදරන් ක්‍රීඩා කළ අතර කුමාර් සංගක්කාර ක්‍රීඩා කළේ ශේන් වෝන්ගේ නායකත්වයෙන් යුත් වොරියර්ස් කණ්ඩායමටයි.
පළමුව පන්දුවට පහරදුන් සචින්ගේ කණ්ඩායම පන්දුවාර 20 දී කඩුළු 8ක් දැවී ලකුණු 140 ක් ලබාගත් අතර එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය වෝන්ගේ වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 17 පන්දු 2ක් තුළ කඩුළු 4 ක් පමණක් දැවී අදාළ කඩයිම පසුකිරීමට සමත් විය.
ඒ අනුව කඩුළු 6 ක ජයක් හිමිකරගත් ශේන්වෝන්ගේ වොරියර්ස් කණ්ඩායමට ශූරතාවය හිමිවිය.
ලාංකික, ඉන්දීය, බංග්ලාදේශ හා යුරෝපා රටවල ප්‍රේක්ෂකයින් රැසක් තරගය නැරඹීමට පැමිණ සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැනි අගනා දෙයක් කළ හැම ක්රිඩකයකු හටම මගේ සුබපැතුම්. (ම)
තව මැච් දෙකක් තියෙනවා (ම)
ජයසූරියවත් දැම්මා නම් මම අනිවාර්යයෙන්ම බලන්න යනවා. (නි)