සිරියාවේ ඇලෙප්පෝ වෙත ආධාර ගෙනයමින් තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලොරි වලට ගුවන් ප්රහාර එල්ලවීමත් සමඟ සිරියාවට ආධාර යැවීම නතර කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ආධාර ගෙනයමින් තිබූ ලොරි රථ 31කට ගුවන් ප්රහාර එල්ලවීම නිසා රථ 18ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. රියදුරන් සමඟ ආධාර කණ්ඩායමේ 12 දෙනක් ද මියගොස් ඇති බව වාර්තා වේ.
ආධාර ගෙනගිය රථ වල තිරිඟු පිටි, ඖෂධ හා සීතලට අඳින ඇඳුම් තිබී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ අදාල සියලු පාර්ශව දැනුවත් කර අවසර සහිතව මෙම ලොරි රථ කණ්ඩායම ගමන්ගත් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සහාගහන අපරාදයක්, මේවා පස්සේ රුසියාව ඉන්නවා. රුසියාවේ භූමිකාව ඉතාමත් භයනකයි . තුන් වන ලෝක යුද්ධය පටන් ගන්නනේ මෙතනින් කියන එකනම් මට විස්වාසයි. (ර)
ත්රස්වාදයට කිරිපොවන අයට හොද දඬුවම. රුසියාව, ඇමරිකාව කෙසේ වෙතත් සිරියාවෙන් හොද ප්රතිචාරයක් දක්වලා තියෙන හැඩයි. (ර)
මම නම් කියන්නේ මේ දේවල් කරන්නේ අැමෙරිකාවමයි. ඒ අයට ඕනෑකරලා තියෙන්නේ මේක සදාකාලික යුද්ධයක් කරලා වවාගෙන කන්න. (නි)
රුසියාවේ කිසිම සම්බන්ධයක් නැහැ කියලයි මම නම් කියන්නේ
සිරියාවේ වෙන්නෙ මීට අවුරුදු කීපයකට කලින් ලංකාවෙ වෙච්ච දේ තමයි. බටහිර පාර්ශව කොටින්ට උදවු කලා වගේ දැන් ඒ අය සිරියා කැරලිකරුවන්ට උදව් කරනවා (ම)