සිරියාවේ ඉකුත් අගෝස්තු මස 21 වැනිදා සිදුවුණේ ‘සෙරීන්’ නමැති රසායනික විස වායු ප්‍රහාරයක් බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර ඇත.
එම පරීක්ෂණ කණ්ඩායම සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුදුරින් සිදුවුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකැසූ වාර්තාවේ මේ බව සඳහන් වී ඇත.
එම වාර්තාව, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පෙරේදා (16) මහ ලේකම් බෑන් කී මූන්ට පිරිනමනු ලැබුවේ පරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දුන් මහාචාර්ය ඒක් සෙල්ස්ට්රෝම් විසිනි.
ඒ අනුව, ඇමෙරිකාව, බි්රතාන්යය සහ ප්‍රංශය කළ අනුමානය නිවැරදි වූ බවද පැවැසෙයි. ඔවුන් තරයේ කියා සිටියේ ප්‍රහාරයට වගකිවයුත්තේ සිරියානු රජය බවටය.
මැදපෙරදිග කලාපයේ විශාලතම සේරීන් විස වායු අවි තොගය ඇත්තේ සිරියානු රජය සතුවය. එමණක් නොව, සිරියානු රජය පෙරැුළීමට සටන් වදින කැරැුලිකාර පාර්ශ්වය සතුව ද සෙරීන් විස වායු ඇතුළුව රසායනික අවි ඇති බව අනාවරණය වී ඇත.
එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම පෙරේදා (16) එම වාර්තාව මහ ලේකම් බෑන් කී මූන්ට ලබා දුන්නේ, සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡා කර, සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සාකච්ඡා කරගත් අවස්ථාවකදීය.
රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට යට කිරීමට සිරියානු රජයට සතියක කාලයක් ලබා දීමට ද ඇමෙරිකාව එම යෝජනාවලියට කැමැත්ත ලබා දෙමින් කියා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කෝ ගැහුවේ කව්ද කියලා නැහැනේ. (නි)
ඇයි පරීක්ෂණ හොඳට කියවලා බලන්න ගැහුවේ කවුද කියලා. කෝ දැන් ඇමරිකාවට බැන්න මෝඩ රැළ. ඇමරිකාව හරි. (ස)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
මෝඩ චමී, බැන්කීන්මුන් කියන්නෙත් ඇමෙරිකාවට කඩේ යන කෙනෙක්. මේකේ පැහැදිලිව තියනවා දෙපැත්තේම සෙරින් විස වායුව තියනවා කියලා.ඇමෙරිකාව තමා ලොකුම විසබීජය. (ස)
චමි ආපහු හොඳට කියවල බලන්න. මේකේ කියල නැහැ සෙරින් වායුව සිරියාව ගැහුවා කියලා. ඒකේ කියලා තියෙන්නේ ඒ ගසපු වායුව කවුරු හෝ සෙරින් වායුව කියලා. ඊට අමතරව කියල තියෙනේ සිරියන් රජයත් විරුද්ධ ත්රස්තවාදීන් අතත් (මේ දෙගොල්ලෝ ගාවම ) මෙම සෙරින් ගෑස් වායුව තිබෙයි කියලා. ඇමරිකාවට යුරෝපයට අවශ්‍ය මෙය සිරියන් රජය කළා කියල ඒ පිට ගහල යුද්ධයක් කරන්න.(නදී)
චමි පන් මල්ලක් අරගෙන ඇමරිකාවට කඩේ යන්නේ. ඕක හයිය මදි වෙන මල්ලක් සොයා ගන්න කඩේ යන්න.(නදී)
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒ රසායනික අවි ප්‍රහාරය එල්ල වෙන කොටම කොහොමද ඇමෙරිකාව දන්නේ ඒක සෙරින්ම කියල? හරිම පුදුමයි නේද ?(නදී)
බඩු දීපු මිනිස්සු ( සෙරින් වායුව සපයපු ) දන්නවා . ඒක ගහපු ගමන් කියන්න ඒ ගැහුවේ සෙරින් ගෑස් වායුව කියලා . පුදුම වෙන්න ඕන නැහැ මහේන්ද්‍ර සහෝදරයා. (ස)
එක්කෙනෙකුටවත් මේක තේරිලා නැහැ. මේක කියවලා බලන්නකෝ. "ඒ අනුව, ඇමෙරිකාව, බි්රතාන්යය සහ ප්‍රංශය කළ අනුමානය නිවැරදි වූ බවද පැවැසෙයි. ඔවුන් තරයේ කියා සිටියේ ප්‍රහාරයට වගකිවයුත්තේ සිරියානු රජය බවටය." (නි)
දැන් සිරියාවට කුඩුවෙන්න දෙන්න ....ඇමෙරිකාවට ජයවේවා...(දී)
දැන් ඔය සතිය කවදද ඉවරවෙන්නේ (අ)
ඇමරිකාවට ජය වේවා !(නදී)